කමලොත්පත්ති

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
In stock
SKU
kamalothpaththi-ashoka-premachandra-surasa-fast-publishers

අවසානයේ සඳුන් දර සෑයෙහි කාලිදාස දේහය තැන්පත් විණ. කුමාරදාස රජු ගිනි පන්දම දෑතින් ගෙන සත් වරක් සෑය වටා හඬ හඬා ගොස් සෑයට ගිනි තබා පසෙකට වී සෑය දෙසට වැඳගෙන කඳුළු සලමින් සිට, ගින්න සෑය සම්පූර්ණයෙන් වෙලා ගනිද්දී එතුළට පැන දිවි පිදීය.

මේ සියල්ල බලමින් කඳුළු හෙළමින් සිටි කාංචනමාලා, අතෙහි වූ සමන් මල් පැසෙන් සමන්මල් ඇවිළෙන ගින්නට දමමින් පිස්සියක සේ සෑය වටා දිව්වාය. පැසෙහි මල් අවසන්ව ගිය තැන නතර වූ ඈ ගිනිගෙන දැවෙන රජුගේ හා කාලිදාසගේ දේහයන් එකට පිලිස්සෙනු ළය පැලී යන දුකින් යුතුව බලා සිටියාය. තම ජීවිතයේ දෙපසින් සිටි කුමාරදාසත්, කාලිදාසත් නැති ලෝකය තමාට උරුම නැතැයි සිතෙත්ම කාංචනමාලා ද එම ගින්නටම පැන්නාය.

Author අශෝක ප්‍රේමචන්ද්‍ර - Ashoka Premachandra (7)
Publisher සුරස - Surasa (fast publishing) (692)
More Information
ISBN 9786242042466
පිටු ගණන 288
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කමලොත්පත්ති
Back to Top