JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
දැදිගම වී රුද්රිගු · Gapoor Gulyam · Gafur Gulyam
ගෆුර් ගුල්යාම්ගේ 'මගේ හපන්කම්' නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස්කව්හි 'ලුමුම්බා' මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්කව්හිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය.
රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සමහාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍යය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට 'ලියෝ තොල්ස්තෝයි' සම්මානය පුදනු ලැබීය.
විශ්ව සාහිත්‍යයෙහි අද්විතීය ස්ථානයක් හිමි කරගෙන ඇති රුසියානු හා සෝවියට් සාහිත්‍ය, ශ්‍රී ලාංකීය ජනතාව අතර ද ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ විෂයයකි.
පසුගිය කාලයේ මොස්කව්හි ප්‍රගති, රාදුගා වැනි රාජ්‍ය ප්‍රකාශන ආයතන මගින් රුසියානු හා සෝවියට් කෘතීන් සිංහලයට පරිවර්තනය කරවා මුද්‍රණය කර මෙහි එවීමේ ක්‍රියාවලියක් පැවතියේ ය. මෑත කාලයේ එම ක්‍රියාවලිය ඇනහිටීමේ හේතුවෙන් එකී සාහිත්‍ය මෙරට ප්‍රචලිත වීම අඩාල වූ බව නොරහසකි.
එවතුදු, යථෝක්ත කෘතීන් මෙරට ප්‍රකාශකයන් ලවා නැවත මුද්‍රණය කරවා පළකිරීමේ නව ක්‍රියාවලියක් කොළඹ රුසියානු කේන්ද්‍රය ආශ්‍රිත රුසියානු සාහිත්‍ය කවය මගින් ආරම්භ කොට දැන් පවත්වා ගෙන යනු ලැබේ. එහි අරමුණ වන්නේ ඒවා මුල් කෘතීන් මෙන් විධිමත්ව ද මනා නිමාවකින් යුතුව ද පාඨකයින් අතට පත් කිරීමයි.
එපරිදි, පහත ලාංඡනය සහිත මෙවන් කෘති අපගේ සහසම්බන්ධය ඇතිව මුද්‍රිත, මුල් කෘතියේ අව්‍යාජ පිටපත් ලෙස සැලකුව මනාය.
කොළඹ රුසියානු කේන්ද්‍රය ආශ්‍රිත රුසියානු සාහිත්‍ය කවය
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න