JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ඩබ්ල්යූ ඒ. සිල්වා · ඩබ්.ඒ.සිල්වා
සියුම් කලා කාරියක් හැටියට නාට්ය රසයෙන් පරිපූර්ණ ප්රථම සිංහල නවකතාව 'සිරියාලතාව' බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්යම පන්තියේ පවුලක උපන්නේ ය. හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්රීසි ආදි භාෂා ශාස්ත්රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්රවීණ විය. අවලෝකනයෙන් හා ප්රතිභා ශක්තියෙන් අග්රප්රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකුල ව්යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්විය.
නවකතා චක්රවර්ති - සාහිත්ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සදහට ම තුරන් වී ඇත්තේ ය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි - මුතු වන් මහ පොත් රැසක් නොනැසී පවත්නේ ය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න