JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ලසන්ත රුහුණගේ
රාජ්‍ය බලය විවිධාකාරයෙන් අව භාවිත කිරීමෙන් දේශපාලනඥයන් මෙන්ම ගජ මිතුරන් සාපරාධී අන්දමට ධනය හම්බ කිරීම හා දේපළ උරුම කර ගැනීම ලාංකේය සමාජයේ කැපී පෙනුණේය. මේ සම්බන්ධ යථාර්ථය රට වැසියන්ට නිවැරදිව දැන ගැනීමට හැකි වූයේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව ප්‍රගුණ කළ නිර්භීත මාධ්‍යවේදීන් නිසා බව කිව යුතු නොවේ. ලසන්ත රුහුණගේ 'රාවය' පුවත් පත ඔස්සේ පළ කළ ලිපි හා පළ කරන ලිපි, ඒ අතර කැපී පෙනෙන බව නොවලහා කිව යුතුය. නිසි අන්දමින් අදාළ මූලාශ්‍ර සොයා ගනිමින්, නිරවුල්ව හා පැහැදිලිව ඒවා විමර්ශනය කරමින්, තර්කානුකූලව දූෂණයේ මුහුණුවර හා තරම ඔහු අනාවරණය කරන්නේ හුදු භාවාත්මක අවලාද ස්වරූපයෙන් නොවේ. ඔහු මාධ්‍යවේදියකු වශයෙන් නිසි වගකීමෙන් හා වගවීමෙන් යුතුව විද්‍යාත්මක පදනමක පිහිටා ලියූ ලිපි පාඨකයාට ලබා දෙන්නාවූ අවබෝධය ප්‍රශස්තය.
ලසන්තගේ මාධ්‍ය භාවිතයේ වෙසෙස් ගුණය නම් ඔහු පසු ගිය රාජ්‍ය පාලනය ගැන මෙන්ම වත්මන් රාජ්‍ය පාලනයේ සොභාවය ගැන ද අවධියෙන්, දූෂණ වංචා පිළිබඳ මැදහත් සිතින් තතු අනාවරණය කිරීමයි. සැබැවින්ම ගවේෂණාත්මක මාධ්‍යවේදියකු අගතියෙන් වියුක්තව විනිසුරුවකු සේ අදාළ මූලාශ්‍ර විශ්ලේෂණය කොට පාඨකයාගේ නුවණැස අවදි කළ යුතුය. ලසන්ත විසින් ලියන ලද සෑම ලිපියකම ඒ විනය කැපී පෙනේ.
ලසන්තගේ මේ ලිපි සංග්‍රහය ඉවසීමෙන් එක දිගට කියවීමට ලැබීමෙන් පාඨකයෙකුට අප ජීවත්වන රටේ බලය අවභාවිත වී තිබෙන අන්දම පිළිබඳව තාර්කික අන්දමින් යථාවබෝධයක් ලැබිය හැකිය.
මහාචාර්ය සරත් විජේසූරිය
විචාරයක් ලිවීමට පිවිසෙන්න