Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සිඟිතිගේ ලෝකය

වෛද්‍ය සුදත් දම්සිංහ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන In Stock

වෛද්‍ය සුදත් දම්සිංහ වෛද්‍යවරයකු මෙන් ම මාධ්‍යවේදියකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. එක් අතකට වෛද්‍ය වෘත්තියත් මාධ්‍යවේදයත් අත්වැල් බැඳ ගත් විට සාමාන්‍ය වෛද්‍යවරයකුටත් සාමාන්‍ය මාධ්‍යවේදියකුටත් ඉටු කළ නොහැකි සුවිශේෂ මෙහෙවරකට ඉඩ කඩ සැලසෙයි. නූතන සෞඛ්‍ය අධ්‍යාපනයේ වැදගත් ම පියවර වන රෝග නිවාරණය හෙවත් රෝගී වන්නට පෙර රෝග වළක්වා ගැනීම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම සඳහා ඉන් ලැබෙන අනුබලය ඒ සුවිශේෂත්වයට හේතුවයි. මෙම කෘතිය එම සුසංයෝගයේ ඵලයක් ලෙස බිහි වූවකි.

මෙහි එන කරුණු කුඩා වියෙහි සිට අප දරුවන් තුළ රෝග නිවාරණය පිළිබඳ ව අවබෝධයක් ඇති කරවයි. වැඩිහිටියන්ට වුවද එම කරුණු ප්‍රයෝජනවත් වෙයි. එමෙන් ම සිත් ගන්නා සරල සංවාදමය බස්වහරක් මෙහි ලා යොදා ගෙන තිබීම නිසා වෙහෙසින් තොර ව කියවීමේ හා මතක තබා ගැනීමේ පහසුව සැලසේ.

සිරිසේන විතානගේ

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න