දැකල පුරුදු කෙනෙක්
55. පිටත - නිවස අසල අතුරු පාර - දිවා
දරුවාව පාසල් දා දිනිති හා සංඛ අව්වේ පාරේ කුඩයක් ද ඉහළ ගෙන පයින් එතී. දිනිති විශාල අව් කණ්ණාඩියක් පැළඳ ඇත. සංඛ ද අව් කණ්ණාඩි දා ඇත. අව්ව එන නිසාවෙන් සංඛ ද කුඩය අල්ලා තමන්ගෙ පැත්තට අදී. දිනිති ඊට විරුද්ධව මෙන් තම පැත්තටම වැඩිපුර කුඩේ ගන සංඛව ඈත් කරයි. හිනාවී යළි ඔහුගේ අතින් අල්ලා ඇතුළට ගනී. මඳ දුරක් ඇවිද යයි. (කැමරාව ද ඔවුන් සමග පසුපසට ඇවිදී.)
සංඛ - එයා බැඳලද?
දිනිති - නෑ. ගර්ල් කෙනෙක් හිටිය. ඒත් ඒ එෆෙයාර් එක කැඩුනා. එහෙම තමා සංඛ. අපි දෙන්නම දැනගෙන හිටිය මේක සාමාන්‍ය සම්බන්ධයක් නෙමෙයි කියලා. ඊට වඩා කැපකිරීමක් කරන්න වුණා දෙන්නටම. සාමාන්‍ය ආදරේකට වඩා දෙන්නගෙම ජීවිත වෙනස් වුණා. මගෙ ජීවිතේ නම් විනාස වුණා.
සංඛ - ඔයා දැන් දුක් වෙනවද ඒකට
දිනිති මඳ හිනාවක් සමග
දිනිති - හ්... නෑ... විනාඩියකටවත් නෑ
සංඛ - ඇයි ඒ
දිනිති - මම ඇත්තටම ආදරෙ දැනගත්තෙ එයාගෙන්. ඇත්ත ආදරේ මොකක්ද කියල මගෙන් අහන්න එපා. ඒක දැනෙන දෙයක්. ජීවිතේ කොයි වෙලේ හරි දැනෙන දෙයක්. මම ගොඩක් පරක්කු වුණා ඒකට. ඒත් මම ඒකට ඉඩදුන්න සංඛ. මං දුක්වෙන්නෙ නෑ ඒ හින්ද.
එතනින් එහාට ඔවුන් කතානොකර ගේ ළඟට ඇවිද යයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.