මෝදර මෝල
"සමකාලීන සමාජ දේශපාලන ප්‍රශ්න විෂය කර ගනිමින් රචනා කරන ලද සිංහල නාට්‍ය අතර රන්ජිත් ධර්මකීර්ති ගේ 'මෝදර මෝල' විශේෂ ස්ථානයක් හිමිකර ගනී. හුදෙක් දේශපාලන ප්‍රචාරය සහ උද්ඝෝෂණය සඳහා නාට්‍ය වේදිකාව යොදා ගැනීම මෙන් ම සමාජ දේශපාලන ප්‍රශ්න නාට්‍යයට විෂය කර ගැනීම මුළුමණින් ම ප්‍රතික්ෂේප කිරීම යන ප්‍රවණතා දෙක ප්‍රබලව පැවති සමයක එම තත්ත්වය වෙනස් කරමින් සිංහල නාට්‍යය සඳහා නව සෞන්දර්ය විද්‍යාත්මක පදනමක් ගොඩනැඟීමෙහි ලා දායක වූ නිර්මාණයක් ලෙස 'මෝදර මෝල' හැඳින්විය හැකි ය."
මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
"ඉකුත් දා වේදිකා ගත වූ 'මෝදර මෝල' වේදිකා නාට්‍යය නාට්‍යකරුවන් තුළ අපැහැදිලි සාකච්ඡාවකට බඳුන්ව තිබූ අර්බුදය පිළිබඳව නිසි විසඳුමක් වෙත මං විවෘත කළ, නාට්‍යකරුවන් තුළ පැවති මන්දෝත්සාහී අකර්මණ්‍ය වූ ස්වභාවය මඟහැර වූ සමාජ - ආර්ථික ප්‍රශ්න වේදිකාව මත ගැඹුරින් නිර්මාණාත්මක ව, යථාර්ථවාදී ව, ඉදිරිපත් කළ හැකි ය යන්න පිළිඹිබු කළ බුද්ධිමත් ප්‍රේක්ෂකයා ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කිරීමට දැරූ විශිෂ්ට ප්‍රයත්නයක් ලෙස සඳහන් කළ යුතු ය.
ආරියවංශ රණවීර - "විවේචකයෝ හමුවෙති" 1982.07.16
"පවතින සමාජ යථාර්ථය ග්‍රහණය කොට එය සියුම් ව වේදිකාවට ගෙන එන්නට රන්ජිත් ධර්මකීර්ති 'මෝදර මෝල' තුළින් ගත් උත්සාහය අප වඩාත් අගය කළ යුතු ය. අද උග්‍ර වී ඇති සාරධර්ම පරිහානිය හා නව වෙළඳ රටාව විසින් බිඳ දමන ලද අපේ ජන ජීවිතයේ ශෝකාන්තය 'මෝදර මෝල' තුළින් අපට පෙන්වයි."
ගාමිණී සුමනසේකර - "දිවයින ඉරිදා සංග්‍රහය"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.