නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා
නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා-ජනයා කියන කාණ්ඩෙට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම ජේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර එයත් මේ සාමාන්‍ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. (නිල් කිරිල්ලි ගුවන්විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ කලාවේ මුල්ම සච්ඥානික ස්ත්‍රීවාදී නිර්මාණය විය හැකිය.)
"විජේසිරිවර්ධනගේ එම කුඩා පොත විචාරාත්මක චින්තනය වර්ධනය
කරන්නට සවිඥානික ප්‍රයත්නයක් දැරූ පොතකි.“
- ලියන කලාව සහ රචනා විධික්‍රම
මහාචාර්ය ලියනගේ අමරකීර්ති
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.