අන්ගාරා ගඟ ගලා බසී
"පහන් සංවේග සපුරා දනවන සුන්දර කවියක් ඔබ වේදිකාව නිමවා තිබෙනවා. අන්ගාරා ගඟ ගලන්නා සේ ම ඔබේ නිෂ්පාදනය ද එක පැහැර ගලා යනවා. සිංහල නාට්යය, සිංහල වේදිකාව අද වැටී තිබෙන දුර්දාන්ත අගාධයෙන් ගොඩ ගැනීමට ඔබේ නිෂ්පාදනය සමත් වේ ය යනු මගේ විශ්වාසයයි. එපමණක් නොව එය මගේ පැතුම ද වෙයි."
- හෙන්රි ජයසේන
"සිතට පමණක් තුරුළු වන අපූර්ව සුන්දරත්වයන් මුළු නාට්ය පුරාම දැවටී පවතී. ඒ සොඳුරු සිහිවටනය දින දෙක තුනක් යන තුරු සිතින් බැහැර නො යයි."
- ආර්. ආර්. සමරකෝන්
"විශේෂයෙන් ම ධනවාදි ආකල්ප වලින් බද්දල් වූ වාණිජත්වය ඉදිරියේ නියතාර්ථයෙන් ම යථාාවබෝධය දක්වාලීමේ උදාරු කාර්යය "අන්ගාරා ගඟ ගලා බසී" සම්මානනීය අයුරින් ඉටු කර ඇත. එය මේ රටේ ජනතාවටත් විශේෂයෙන් ම නොමග යැම්වලින් ජරා ජීර්ණ වූ නාට්ය ක්ෂේත්රයටත් වැදගත් වන්නේ එහෙයිනි."
- සියඹලාපේ දයානන්ද
"වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "අන්ගාරා ගඟ" නාටකය වූ කලී රන්ජිත් ධර්මකීර්ති, ප්රේමසිරි කේමදාස, අජන්තා රණසිංහ ප්රමුඛ කරගත් නිර්මාණ ශිල්පීන් රැසකගේ ප්රශස්ත ප්රයත්නයකි. එම නිර්මාණය පණ පෙවීමට නිල් අලස්, සුවිනීතා සුබසිංහ, ජයලත් මනෝරත්න සහ එල්සන් දිවිතුරුගම ආදී නළු නිළි රැසකගේ ප්රතිභාපූර්ණ රංගයන් ද ගායන වෘන්දයෙහිලා ටී. එම්. ජයරත්න බඳු අද්විතීය ගායකයකු පෙරටු කොට ගත් සුනිලා අබේසේකර ආදී ශිල්පීන්ගේ නොමද කුසලතාවයක් ද එක්සේ ඉවහල් ව තිබූ බව මගේ අදහසයි."
- නන්දසේන සූරියආරච්චි - දිනමිණ (1978.02.17)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.