මකුළු දැල්
අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මඟින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය.
පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය. ඉන් නිකුත් වූයේ පුස් ගඳකි. එකවරම කාමරයට ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.
"මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ..... ඒකයි හැම කාමරයක්ම අතුගාලා පිරිසිදුව තියන් ඉද්දි මේ කාමරය විතරක් මේ විදිහට....."
නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අඳුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.
ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇඳෙහි තවමත් පිළිවෙළට දැමූ බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අඳුරු පැහැයක් ගෙන ඇත.
දූවිලි නාසයට කිති කවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.
නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුණ අල්මාරියට ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.
"අහ්හ්....."
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.