Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / මකුළු දැල්

මකුළු දැල්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මඟින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය.

පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය. ඉන් නිකුත් වූයේ පුස් ගඳකි. එකවරම කාමරයට ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.

"මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ..... ඒකයි හැම කාමරයක්ම අතුගාලා පිරිසිදුව තියන් ඉද්දි මේ කාමරය විතරක් මේ විදිහට....."

නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අඳුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.

ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇඳෙහි තවමත් පිළිවෙළට දැමූ බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අඳුරු පැහැයක් ගෙන ඇත.

දූවිලි නාසයට කිති කවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.

නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුණ අල්මාරියට ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.

"අහ්හ්....."

ISBN
9786249856509
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මකුළු දැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.