Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / තම්රු

තම්රු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"...වෙනදට වඩා කලින් අද මම ඇහැරුණා. මේ ලියුම ලියල ඉවර වෙනකම් මට හරියට නින්ද යන එකක් නෑ කියලා හිතෙනවා. කවුළුවෙන් එපිට අළුපාට ඝන මීදුම් වලා කැටිති, ගලීල මුහුදට පාත්වෙලා. තව මොහොතකින් සියල්ල වසාගත් මීදුම් කැටිති පහව ගිහින් හැමදේම පැහැදිලිව පේන්න ගනියි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.”

චන්දිම කාරියවසම් ලියන්නා, ලියන්නා සේ සැබැවින් ම ගතව යන්නේ එහෙම දැනෙන විශ්වාසනීය මොහොනකි. සිංහල-බෞද්ධ අධිනිශ්චිත සංස්කෘතික සන්දර්භය තුළ, එහි ම ස්වායත්ත දිගුවක් වන සිංහල-කතෝලිකභාවය විසින්  ̋ආගමක්” බවට ම ඌණනය කරන ලද විමුක්තිකාමී ජීසස්මය සමාජ මැදිහත්වීම යළි දාර්ශනික ක්‍රිස්තියානිය දක්වා ඔසවා තබන්නට අප ගත් දුෂ්කර, භයංකර සාහිත්‍යයික ප්‍රවේශය වඩාලාත් ගැඹුරු ඉම්පෙදෙස් සොයමින් ඉදිරියට තල්ලු වී යාම සංතුෂ්ටිය දනවන්නකි.

කතෝලික ආගමික සංස්ථාපිතය තුළ පිටස්තරයකු වන "කාරි”, "ප්‍රේමවන්ත පිටස්තරයා” කැටුව සාහිත්‍යය වෙත ආ රැඩිකල් ගමන විසින් ඉල්ලා සිටින ලද අවකාශය, "තම්රු” සමඟ සපුරා ම අත්පත් කරගනී.

 ̈මනුෂ්‍යයා මැවීම ̋ නම් වන මනුෂ්‍ය පරිකල්පනය, තව කොතෙක් නම් දාර්ශනික පිරිපහදු වීම් කෙරෙහි අවනතකාමීදැයි පැවසෙන, මෙවන් රමණීය ගෙත්තම්කරණයන්, සහෘද සන්තානයේ ගැඹුරුම ඉසව් පිරිමැදුම් ස්වරයෙන් ආමන්ත්‍රණය කරලයි.

- මංජුල වෙඩිවර්ධන

ISBN
9786246675004
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තම්රු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.