Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය - ප්‍රශ්නෝත්තර - w.w. ප්‍රනාන්දු

10 - 11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය - ප්‍රශ්නෝත්තර - w.w. ප්‍රනාන්දු

About this book
ශිෂ්‍යයාගේ රුචිකත්වය හා රසඥතාව වර්ධනය කිරීමට පමණක් නොව ශිෂ්‍යයා තුළ සංවේදී හදවතක් බිහිකර, ඔහුගේ විචාර බුද්ධිය දියුණු කරලීමට ද සාහිත්‍ය විෂයයෙන් ලැබෙන පිටිවහල සුළු පටු නොවේ. එමෙන් අනාගතයෙහි අප රටට අවශ්‍යවන සාහිත්‍ය නිර්මාණකරුවන් බිහිකර ගැනීමට අදාළ නිපුණතා වර්ධනය කර ගැනීම සඳහා ද සාහිත්‍ය විෂයය උපකාරී වේ. එවන් මාහැඟි විෂයයක් කෙරෙහි සිසුන්ගේ අවධානය යොමු කරවීමේ දී සාහිත්‍ය විචාරය මෙන් ම රස වින්දනය ද මුල් කරගත් කෘති බිහි කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව 10-11 ශ්‍රේණි සිංහල සාහිත්‍ය සංග්‍රහයෙහි ඇතුළත් සියලුම පාඩම් ආවරණය වන සේ මෙම 10-11 සිංහල සාහිත්‍ය සංග්‍රහය ප්‍රශ්නෝත්තර කෘතිය සකස් කර ඇති බව සඳහන් කළ යුතු ය. විශේෂයෙන් මෙහිදී සාහිත්‍ය පෙළ පොතෙහි ඇතුළත් අදාළ සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සකස්කර ඇත. එබැවින් අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සුදානම් වන සිසුන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරමි. මෙහි චීන ප්‍රශ්නවලට පිළිතුරු සකස් කිරීමේ දී නිදසුන් කිහිපයක් ම ඇතුළත් කර ඇත්තේ පිළිතුරු හොඳින් කියවා තේරුම් ගෙන ශිෂ්‍යයාට පහසු ලෙස තමන් කැමති නිදසුන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ලබා ගැනීම සඳහා මඟ පෙන්වීමේ අරමුණෙන් බව සඳහන් කරමි.
ISBN
9789553301949
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Give me 237 pages
    This book is best
    theekshana ·
  2. Good
    The best website ever
    ransi ·
Write a review
Write a review

You're reviewing: 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය - ප්‍රශ්නෝත්තර - w.w. ප්‍රනාන්දු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.