ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැඳින්වීමක් 1
සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු මහතා අඩ සිය වසකට ආසන්න කාලයක් දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරයෙකු හා පර්යේෂකයෙකු වශයෙන් කටයුතු කරමින් ලබා ගත් වටිනා අත්දැකීම් සම්භාරයකින් පෝෂණය වූවෙකි.
පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව (මුදල් හා බැංකු ක්‍රම) පිළිබඳව ගෞරව උපාධියක් දිනාගත් ඔහු කැනඩාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යලයක් වූ මැක්ගල් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හිමිකර ගත්තේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්වඩ් සහ පිලිපීනයේ ලාස් බානෝස් යන සරසවි වෙතින් පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රදානය කරනු ලබන ෆුල්බ්‍රයිට් අධි ශිෂ්‍යත්වය, ජපන් රජය විසින් ප්‍රදානය කරනු ලබන ජපන් පදනම් අධි ශිෂ්‍යත්වය, පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය විසින් ප්‍රදානය කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන අධි ශිෂ්‍යත්වය වැනි ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්‍යත්ව රැසක් දිනාගනිමින් ලොව විශිෂ්ට පෙළේ විශ්වවිද්‍යාල රැසක ශාස්ත්‍රීය අත්දැකීම් ලබා ගැනීමට ඔහුට හැකි විය.
පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයෙහි කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවයට බැඳුණු ඔහු දෙතිස් වියේ දී ම රුහුණ විශ්වවිද්‍යාලයෙහි ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය තනතුර හිමිකර ගනිමින් සුවිශේෂ වාර්තාවක් සටහන් කළේය. 2012 වර්ෂයේ දී රුහුණ සරසවියෙන් විශ්‍රාම දිවියට පිවිසි ඔහුට සම්මානිත මහාචාර්ය තනතුර පිරිනමනු ලැබීය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.