ආදරයේ සත්‍ය කතාවක්
ආදරයේ සත්‍ය කතාවක්
ප්‍රේමසිරි මාහිංගොඩ
“සීතා හැම දාම හවසට බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව” යි යළිත් කීවේ චලනි ය. “ඒ වුණත් අපි පටිසෝතගාමී අනුගමනය කරන්න ඕනෑ යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩු ගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නෙ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමටයි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත් වෙන්න ඕනෑ”
“ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ තියෙනව. අපේ වයස්ගත මේ කාලෙවත් ඔයා මගේ ළඟට අරගෙන, ඔයාගෙ දුක සැප බලාගෙන, ලෙඩට දුකට පිහිට වෙලා, ඔයාව රැක බලාගන්න මට ලොකු ආසාවක් තියෙනව” යි ඒ අසා සිටි සීතා කීවා ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.