Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අද්භූත යුවතිය

අද්භූත යුවතිය

About this book

 

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල්

ආරම්භය - 1855

"එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම්

එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු

පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා...

එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු

දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව....

කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ

කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..."

 

රොහාන් අගර්වාල්, පාසැල් නාට්‍යයක

කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. 

චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට

ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින්

එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු

නොවූ යමක් ඔහුට හමුවෙයි. 

 

හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත 

සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන්

ගනියි. මේ නාට්‍යයම මීට පෙරත් කිහිප

වතාවක්ම පුහුණු වී ඇති බවත්, ඒ හැම 

වතාවකම එය අවලංගු කරන්නට සිදු වුණු

බවත් රොහාන් සොයා ගනී.

 

ඒ සියල්ල සිදු වන්නේ මේ නාට්‍යය හා බැඳුණු 

බියකරු අද්භූත දෙයක් නිසා බවත්, මේ

නාට්‍යය පුහුණු වූ මුල්ම වතාවේ මේ හරිත

වර්ණ කුටියේ කුමක් හෝ භයංකාර දෙයක්

සිදුව ඇති බවත් කනින් කොනින් ඇසෙන 

කටකතා වලින් ඔහු වටහා ගනී. 

 

ඉතින් ඉන් පසුව.....

 

පාසැල විසින් සඟවාගනු ලැබ සිටින 

අඳුරු සහ බිහිසුණු රහසක් ඔහු 

විසින් සොයා ගනු ලබයි. !

Details
ISBN
9786245572434
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. " රොහාන් සිය පාසලේ මිතුරන් සමගින් සතුටින් කාලය ගත කරන දීප්තිමත් සිසුවෙකි. චාන්දනී යනු ඔහු රහසින් ආලය කළ එම පාසලේම මිතුරියකි. රොහාන් පාසලේ අලුත්ම නාට්‍යයේ කළමනාකරු ලෙස පත් වේ. මිතුරන්ගේ අභියෝගයක් භාර ගැනීම සදහා Green room නමින් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධ
    කුතුහලය, උද්වේගය රැදුනු එක හුස්මට කියවිය හැකි අපූරු කතාවකි.මුලදී තරමක් සෙමින් ගලා ගියද, අවසානය භාගයේ භීෂණය සමගින්ම පාඨකයා කතාවටම ඇදබැද තමා ගැනීමට සමත් වී ඇත.
    මෙට Goodreads වෙබ් අඩවියෙහි 3.92/5 ක rating එකක් ලැබීමට සමත් වූ නිර්මාණයකි.

    නිම්මි මුදිතා හේරත් මහත්මිය මෙය ඉතා රසවත්ව පරිවර්තනය කර ඇත්තේ එක හුස්මට කියවිය හැකි අපූරු නිර්මාණයක් ලෙසිනි. අත්භූත , භයංකර, ත්‍රාසජනක ශාරනයේ කතා ප්‍රිය කරන පාඨයන් හට අපූරු කියවීමකි.
    Harindu ·
Write a review

You're reviewing: අද්භූත යුවතිය

Reviews are published once a member of our team has read them.