අධිමාසවිවාද්රධිකරණ තීන්දුව
තථාගත ධර්ම විනයෙහි කෝවිද වූ මහ තෙරුන් වහන්සේලා ගෙන් සෝභාමත් වූ සංඝ සමාජයක් ලක් බුදුසසුන ආරම්භයේ පටන් ම විද්යමාන විය. උන්වහන්සේලාගේ ධර්මධර බව විනයධර බව ප්රකට කෙරෙන වාද විවාද ශාසන ඉතිහාසයේ ඉතා ප්රසිද්ධය. ඒ අතර අතිගරු බේරුවල ශ්රී අත්ථදස්සභිධාන නාහිමියන් විසින් ඇරඹි භික්ෂූන් වහන්සේලාගේ උපෝෂථ කර්මාවලියට අත්යාන්තයෙන් සම්බන්ධ අධිමාස පිළිබඳ වාදය වැදගත් ය. එම වාදය පහතරට සියම් උපසම්පදාව පිහිටුවීමට බලපෑ කරුණක් ද වෙයි.
විනය නියමය පරිදි චන්ද්ර මාස ක්රමයට වසර තුනකට වරක් මාස දහතුනකින් යුත් වසරක් එළඹෙයි. එය ඇසළ මසට යෙදුනහොත් එම අධිමාසය උක්කඩ්ඪනය කොට වස් විසීම විනය නියමයයි. මෙම අධිමාස ගණනය උපසම්පදාපේක්ෂකයාගේ වයස තීරණයට ද බලපාන සාධකයකි. එහෙයින් මෙම අධිමාසපතනය - පාපනය විනය හා අත්යාන්ත සම්බන්ධයකින් යුක්ත කරුණකි.
කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්මමහා සංඝ සභාව ආරම්භයෙන් පසුව බුද්ධ වර්ෂ 2418 වර්ෂයේ යෙදුන අධිමාසපතනය අත්නොහැර වස් විසිය යුතු යැයි සංඝ සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් හේතුවෙන් අධිමාස ගැටළුවක් යළි උත්පන්න විය. යථෝක්ත බේරුවල අත්ථදස්සී හිමියන්ගේ ශිෂ්ය කෝම්පිට්ට ඉන්දසාර මහතෙරුන්වහන්සේගේ ප්රධානත්වයෙන් යුතු අප සංඝ සභාවේ විශේෂ අනුකාරක සභාවක් මගින් මේ ගැටළුව විනිශ්චය කොට දුන් තීන්දුව මෙම අධිමාස විවාදාධිකරණ තීන්දුව නම් ලේඛනයයි.
එයින් දිගු කලකට පසු එකී ලේඛනය සංස්කරණයකොට ග්රන්ථයක් වශයෙන් මුද්රණය විය. එහිලා පුරෝගාමී වූවාහු අප සංඝ සභාවේ උතුම් මහානායක පදවිය හෙබවා වදාළ පණ්ඩිතාචාර්ය්ය අතිගරු ලබුගම ශ්රී ලංකානන්ද මාහිමියන් වහන්සේ සහ කීර්තිමත් ලේඛකයෙකු වූ කොහුවල විජයමංගලාරාමාධිපති වැඩ විසූ ගරු මකුළුදූවේ ශ්රී පියරතන නාහිමියන් වහන්සේ ය. උන්වහන්සේලා විසින් ඉතා දුෂ්කරව සංස්කරණය කළ මේ ග්රන්ථය දැනට මුද්රණයෙන් අභාවීත හෙයින් ස්වකීය ප්රාචාර්ය්යයන් වහන්සේ අනුස්මරණය කෙරෙමින් මෙලෙස යළි මුද්රණය කිරීම පිළිබඳ කොහුවල විජයමංගලාරාමාධිපති ගණාරේ සුමනරතන ස්ථවිරයන්ට විද්වත් ලෝකයාගේ කෘතඥතාව හිමිවිය යුතුය.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ කුලපති
මහාචාර්ය්ය බෙල්ලන්විල විමලරතන
කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්මමහා සංඝ සභාවේ අනුනායක ස්ථවිර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.