එයාර්පෝට්

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
airport-arthur-hailey-ajith-nandana-wickramaarachchi-ashirwada

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක්‍ෂේත්‍රය පිලිබඳ පෙළපොතකි.  ත්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප්‍රිය නවකතාව බවට පත්විය. 

දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක්‍රියාත්මක වන ගුවන් යාත්‍රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබඳ පැහැදිලි පැතිකඩක් කතුවරයා ඉදිරිපත් කරයි.

හැටේ දශකය අවසන බිහි වී ලොව පුරා ප්‍රචලිත වූ Airport නවකතාව, පසුකාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් වූ සිනමාපටයක ආරම්භයද වූයේය. දීර්ඝකාලීන වෘත්තීය නවකතාකරුවකු ලෙස කෘතීන් එකොළහක් ආතර් හේලි අතින් නිමව වූ අතර එ අතුරින් බොහොමයක් මේ වන විට භාෂා ගණනාවකට පරිවර්තනය කොට ඇත. 

Author අජිත් නන්දන වික්‍රමආරච්චි - Ajith Nandana Wickramarachchi (2), Arthur Hailey (1)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9786245519538
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එයාර්පෝට්
Back to Top