ආකාස පාළුව
පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස පැහැ හූනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැඟිල්ලේ නියපොත්ත ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මනින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ කොතැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසුවන්නේ ඒ කම්පනයෙනි.
කතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස කේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කූඩුවක් සේ ඇවිස්සී ඇති ඉතිරිව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියක සේ වෙස් ගන්වා ඇත. තදින් ඇල්ලූ විට පවා රතු වන කුරුළෑ කැළැලක් හෝ නොමැතිව තිබූ මල් පියල්ලක් තරමට සිනිඳු ළාම ළා කහ පැහැයකට බර ඇගේ මුහුණේ, තැනක් රතු පැහැයටත් තැනක් දම් පැහැයටත් වන ලෙස පහර දී පාට කර ඇත. හරි මැදින් දෙකට බෙදුණු තද රෝස පැහැති පිරුණු යටි තොල පුපුරා ලේ කැටිත්තක් මතුව ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.