අලියා සහ අන්ධයෝ
About this book
මෙයට අඩ සියවසකට පමණ පෙර, පේරාදෙණි සාහිත්‍යය අරබයා වික්‍රමසිංහයන් හා සරච්චන්ද්‍රයන් අතර සංවාදයක් පැන නැඟී තිබුණු මොහොතක, ඒ වන විටත් විශිෂ්ට කවියකු, කෙටිකතාකරුවකු හා විවාදාපන්න නවකතාකරුවකු ලෙස නමක් දිනා සිටි තරුණ ගුණදාස අමරසේකර අතින් ලියැවුණු මේ කෘතිය, නූතන සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය - නවකතාව, කවිය, විචාරය එක සේ ගැඹුරින් විමැසුණු මුල් ම කෘතිය යි. සිංහල නවකතාව, කෙටිකතාව, කවිය හා නිර්මාණකරණය සඳහා ඇවැසි බස නිමවාගැනීම වෙනුවෙන් අමරසේකර ගේ කැප වීම - පැරැණි නූතන ගද්‍ය පද්‍ය මෙන් ම ලොව විවිධ දේශයන්හි පහළ වූ සාහිත්‍ය කෘති හා විචාර මතවාද හැදෑරීමට ද, ඒ අනුව සතතාභ්‍යාසයෙහි යෙදීමට ද - දැරූ ප්‍රයත්නය මොනවට කියාපාන මේ කෘතිය නිසැක ලෙස ම, සිංහල සාහිත්‍ය විචාරයෙහි ලා මං සලකුණකි.
Details
ISBN
9789551741440
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review