අමා සදහම් වස්සානය
අමා සදහම් වස්සානය
සංස්කරණය
නයනා නිල්මිණි
නූතන ලෝකය වනාහී අවුල් වූ නූල් බෝලයක් බඳුය. එහි පිටතත් ගැටලු ය. ඇතුළතත් ගැටලුය. මේ ගැටලු හා ගැටුම් ඉතා විශාල සමාජ අර්බූදයක් ලෙස නූතන වේදිකාවට පැමිණ තිබේ. එය පුපුරා තවත් විනාශයක් වීමට පෙර අප, අපගේ ජීවිතය තේරුම් ගත යුතුය. සමාජය තේරුම් ගත යුතය. ඉනික්බිති යථාර්ථවාදී විසඳුම් යෝජනා කළ යුතුය.
අප කියන විසඳුම් මාර්ගයට අදාළ පදනම ඇත්තේ දර්ශනය තුළය. ඒ දර්ශනය උකහා ගත හැකි ප්‍රධාන මාර්ගය වන්නේ ආගමයි. ඒ අතරින් ද බුදු දහම කෙරෙහි අපගේ බලවත් විශ්වාසය තබා ගත හැකිය. එය යථාර්ථවාදී දහමක් බැවින්ය. ඒ ධර්මයට කැමැත්තක් දක්වන ඇය නයනා නිල්මිණිය.
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව නිම කර, ලේක් හවුස් ආයතනයේ බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස දැනට සේවය කරයි.
මෙයට පෙර "මිනිසත් බවින් ඵල නෙළමු", "නිවී සැනසුණ ජීවිතයක්" , "සුදුමුදු බුදු ගුණ සිහිකර ගන්නේ" , "අසිරිමත් පසේබුදු පෙළහර" , "පින් ඇති දෙවිවරු", "දුකසේ විඳින කර්ම විපාක" ආදී බෞද්ධ ග්‍රන්ථ සංස්කරණය කළ ඇය, වටිනා බෞද්ධ ග්‍රන්ථ කීපයක් මේ වන විට පාඨකයාට තිළිණ කර දී තිබේ.
ඇය ලෝක යථාර්ථය හෙළි කරයි. සමාජයට වැදගත් පාඩමක් කියයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.