Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික - Agamika / බෞද්ධ / බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

About this book

අනඳ හිමියන් ගැන ලියා ඇති මෙම ග්‍රන්ථයට පසුවදනක් ලියන කොට මගේ මතකයට ආයේ, බුදුහිමියන්ගේ අග්‍ර උපස්ථායක තනතුර දැරූ අනඳ හිමියන් මෙන්, පාසල් යන අවධියේ දී ජයසේන ද සිල්වා යනුවෙන් භාවිතා කළ මෙම කතුවරයා ගා මාදම්පා මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබන අවධියේ එම විදුහලේ විදුහල්පති එම්.එල්.ද. සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලිපිකරු ලෙස කටයුතු කළේය. අනතුරුව ලිපිකරුවකු ලෙස රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය ලිපිකරුවකු ලෙස පත් මොහු ද්වීතීය පදනම මත රත්ගම ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී ඇම්.ජී. මෙන්ඩිස් මහතාගේ පෞද්ගලික ලේකම් විය. අනතුරුව පෙරළා සෞඛ්‍ය අමාත්‍යාංශට පැමිණි මොහු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සෞඛ්‍ය ඇමතිනී ගරු ශිවා ඔබේසේකර මැතිනියගේ පෞද්ගලික සහකාර ලේකම් ලෙස සේවය කළේය. දශක ගණනාවක් පුරා කරගෙන එන ශාසනික හා සමාජ සේවා කටයුතු මෙන්ම ලේඛන කලාව තුළින් යහපත් සමාජයක් බිහිකිරීමෙහි ලා ගන්නා ලද උත්සාහය අගය කිරීම් වස් අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත මහා නාහිමියන් අතින් " දේශ කිරීති ශ්‍රී විද්‍යාභිමානී" ගෞරව උපහාර සම්මානය හිමි කරගෙන ඇති මෙතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 වැනි පංතියේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරුන් වන හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා, හිටපු ජනාධිපති ලේකම්කේ. ඔස්ටින් ප්‍රනන්නන්දු, හිටපු පොලිස්පති සිරිල් හේරත්, උතුරු - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් අශෝක ජයවර්ධන සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන හය දෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස සේවය කොට ඇත. මෙතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි ආයතනයෙන් රාජ්‍ය පරිපාලන විද්‍යාපති උපාධියක් හිමිකරගෙන ඇත. මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියානු පැසිපික් ආරක්ෂක විද්‍යා පීඨයෙන් ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව ඩිප්ලෝමාවක් ද ලබා ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අතුරෙන් ධර්ම දානය පිණිස වැඩිම පොත් සංඛ්‍යාවක් ලියා ඇත. ඉන් පොත් දෙකකට රාජ්‍ය සම්මාන හිමිව ඇත. ශාසනයෙන් නෙරපන ලද මුත් චීවරය දරා සිටින සහ දැනට භික්ෂූන් ලෙස සිටින ඇතැම් අය බුදුහිමියන් උපන්නේ, බුද්ධත්වයට පත්වූයේ, ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූයේ සහ පිරිනිවනට පත්වූයේ ලංකාවේදී බවට පළ කරන ලද මිථ්‍යා මත වලට පිළිතුරු වශයෙන් මෙම කතුවරයා ඉන්දියාවේ සිතියමකින් සරසා ඇති මුල් පිටුව සහිත බුදුන් උපන් දේශය, මලලසේකර ත්‍රිපිටක පාළි සඤ්ඤා නාම ශබ්ද කෝෂය, සඟමිත් තෙරණිය දෙසූ බණ කථා සහ ථෙරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෞතම බුද්ධ චරිතය නමැති පොත් පළකොට ඇත. වසර 82 ක් වන මෙතුමාට ත්‍රිපිටකය හදාරන පරිශීලනය කරන ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ, සාමාන්‍ය මහජනතාවගේ, දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන් දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන්ගේ අවබෝධ පූර්ණ බුද්ධියට උපහාර වේවා!

මෙයට ශාසනායැති,

පූජ්‍ය ආචාර්‍ය්‍ය පණ්ඩිත මාදම්පාගම අස්සජී ස්ථවිර, අමරපුර සහ රාමඤ්ඤ නිකායවල මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ අමරපුර අඹගහපිටිය පාර්ශවයේ අනුනායක ස්ථවිර.

Details
ISBN
9786245710676
පිටු ගණන (Pages)
516
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බුදු සසුනේ මිණිපහන - ආනන්ද හාමුදුරුවෝ

Reviews are published once a member of our team has read them.