අප ඉරණම අප අතමය
මිනිස් අප ද ඇතුළු විඥානයක් සහිත සියලු ලෝක සත්වයාගේ නොවැළැක්විය හැකි ඉරණම වනාහි පුනර්භවයයි. 'පුනර්භවය' වනාහි විශ්වීය පැවැත්මේ ද අනිවාර්යතාවයි. පුනර්භව ක්‍රියාවලියේ දී අපගේ දෛවයන් තීරණය කරන බලවේගය, බෞද්ධ දර්ශනයේ හඳුන්වා දී ඇත්තේ 'කර්මය' යනුවෙනි. එය, ඉතා විද්‍යාත්මක පදනමක් මත ක්‍රියාත්මක වන ශක්ති ප්‍රභේදයකි.
උපදින ලෝකය, ජීවත් වන පරිසරය, මුහුණ දීමට සිදු වන අත්දැකීම් මගින් නිමේෂයක් පාසා අප විසින් අපගේ 'කර්මය' යහපත් හෝ අයහපත් අයුරින් සංස්කරණය කර ගන්නා අතර, ඊට අනුව අපගේ අනාගතය තීරණය වෙයි.
අපගේ ඉරණම, සාර, යහපත් වූ ඉරණමක් වෙත සකසා ගන්නා ආකාරය පිළිබඳව වූ ජීවිතය වෙනුවෙන් ම කළ ඉතා දීර්ඝ කාලීන හැදෑරීමක ප්‍රතිඵල මෙම පොත් පෙළ හරහා ඔබගේ ජීවිතයේ ඉරණම වෙනුවෙන් තිළිණ කරන්නෙමු.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.