අපේ ප්‍රවාද 2
“අපේ ප්‍රවාද මැයෙන් විදුසර පුවත්පතෙහි පළ වන ලිපි පෙළ ඇරැඹුණේ 2002 අගෝස්තු මාසයෙහි දී ය. එහි අරමුණ අපේ ප්‍රවාද නිර්මාණය කිරීම පිළිබඳ ව සිසුන් හා වෙනත් අය දැනුම්වත් කිරීම ය. අද අප උගන්වන, ඉගෙනගන්නා බටහිර දැනුම ප්‍රචලිත වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයේ අංගයක් ලෙස ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවේ ආධාරයෙන් නො ව ඔවුන් නිර්මාණය කරන දැනුමෙහි ආධාරයෙනි. අපට බටහිරයන් ගෙන් නිදහස් විය හැක්කේ ඔවුන් ගේ දැනුමෙන් නිදහස් වීමෙන් පමණකි. ඒ සඳහා අප අපේ දැනුමක් නිර්මාණය කළ යුතු ය.”
සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා සිය සමාජ-ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොටිස්කිවාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සමසමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරියකු ද නව සමසමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසූව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය, 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීම් ජාතික වින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය.
මාක්ස්වාදය, විද්‍යාව, විද්‍යාත්මක විධික්‍රමය, විද්‍යාවෙන් කෙරෙනුයේ අප ගෙන් ස්වායත්ත ව පවත්නා සත්‍යයන් සොයාගැනීම ද, නැති නම් පංචේන්ද්‍රියට, මනසට හා චින්තනයට සාපේක්ෂ වූ දැනුමක් නිර්මාණය කිරීමක් ද ආදිය සම්බන්ධයෙන් 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' (1980) ලිපියෙන් ඇරැඹී, 'මගේ ලෝකය' (1986), 'මාක්ස්වාදයේ දරිද්‍රතාව’ (1993), ‛අපෝහකයේ රූපිකය' (1994) හා ‛විද්‍යා කතන්දර’ (2003) කෘති ඔස්සේ කෙරුණු සංවාදය තවදුරටත් පරිසමාප්තියට පත් කිරීමක් ලෙස අපේ ප්‍රවාද’ සැලකිය හැකි ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.