Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අරණක නිවෙන සිත

අරණක නිවෙන සිත

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

බුදුදහම සහ මනෝවිද්‍යාව පිළිබඳ කෘති ගණනාවක් රචනා කරන ලද ආචාර්ය ප්‍රියන්ත නවරත්න, මලලසේකර පදනමේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන අතර "ආලෝක" අන්තර්ජාතික බෞද්ධ සඟරාවේ කර්තෘ මණ්ඩල උපදේශකවරයෙකු වශයෙන් ද සුවිශේෂී සේවයක් ඉටු කරමින් සිටියි. ලෝක බෞද්ධ සන්ධානය, තායිලන්තයේ ධම්මකාය පදනම එක්ව පිරිනමන ධර්මදූත රන් සම්මානයෙන් 2021 වසරේදී පිදුම් ලැබූ හෙතෙම ලෝක බෞද්ධ සන්ධානයේ භාවනා වැඩසටහන් මෙහෙයුම් කමිටුවේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. තවද, ඔහු මේ වන විට දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් මානසික සුවපත්භාවය උදෙසා දේශන පවත්වමින් මනෝ උපදේශකවරයෙකු ලෙස ද තම සේවය ලබා දෙමින් සිටියි.

ඔහු තම දර්ශන විශාරද උපාධිය වෙනුවෙන් කරන ලද අරණ්‍යගත පර්යේෂණය පාදක කර ගනිමින් ඉදිරිපත් කරන "අරණක නිවෙන සිත" නැමති, මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන මෙම කෘතිය ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි. දෙස් විදෙස් ආරණ්‍යය සේනාසනයන්හි නේවාසික ව හිඳිමින් මානසික දියුණුව උදෙසා වනගත පරිසරයන්හි දායකත්වය පිරික්සමින් දුෂ්කර වූත්, අතිශය ප්‍රායෝගික වූත් අධ්‍යයනයක නිරත වූ ඔහු, අත්දැකීම් බහුල අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා සමග සම්මුඛ සාකච්ඡා ද පවත්වමින් මෙම අධ්‍යයනය සඳහා තොරතුරු රැස් කළේය. තවද, බුද්ධ කාලීන ප්‍රතිපදාවන් තමා විසින් ම අත්දකිනු රිසියෙන් මියන්මාරයේ සොහොන් භූමිවල භාවනාවේ නිරත භික්ෂූන් සමඟ දිවාරාත්‍රිය ගත කරමින් භාවනාව ප්‍රගුණ කරමින් ද, තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ තාවකාලික පැවිද්ද ලැබ පිණ්ඩපාත අහරෙන් යැපී වනවාසීව දිවි ගෙවමින් ද ඔහු මෙම අධ්‍යයනය වෙනුවෙන් කළ කැපකිරීම සුළුපටු නොවේ. එවන් සුවිශේෂී කැපකිරීමක අවසන් ප්‍රතිඵලය ලෙස ලෝකයට දායාද වන මෙම කෘතිය මනුෂ්‍ය සංහතියේ දැවෙන සිත් නිවා සනසාලන දහම් ඔසුවක් වෙමින් සමස්ත ලෝකය පුරා පැතිරී යනු දැකීම මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

අශාන් මලලසේකර -  සභාපති මලලසේකර පදනම

ISBN
9789555471596
පිටු ගණන (Pages)
433
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. I ordered the book.
    Once I read the book after received and I will make a comment
    Wickrama ·
Write a review
Write a review

You're reviewing: අරණක නිවෙන සිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.