Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇස් දෙක

ඇස් දෙක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සෝමපාල රණතුංගයන් ඇසුරු කිරීමේ භාග්‍යය මට ලැබුණේ හැටේ දශකයේ මැද භාගයේ දී ය. ඒ වන විට මම හත් අට වරක් ම “ඇස් දෙක” නවකතාව කියවා මත් වී සිටි තරුණයෙක්මි.

ඔහු ඉතා නිහඬ මිනිසෙකි. ඔහු තුළින් ඒ නිහඬ බව දිස්වූයේ ජීවිතයේ සැබෑ අරුතත්, ගැඹුරත් යථාර්ථවාදී ව තේරුම්ගත් මිනිසකු නිසා බව ටික දිනකින් ම මම තේරුම් ගතිමි. පරම පවිත්‍ර ප්‍රේමයක් මේ ලෝකයේ ඇති බව ඔහු දැඩි ලෙස පිළිගත්තේ ය. එවන් වූ ප්‍රේමය උතුරා යන හදවතක් ඔහු තුළ ඇති බව ද මම දුටුවෙමි.

මගේ පියා ගේ යුගයේ පුවත්පත් කලාවේදියකු වූ ඔහු, නවක ලේඛක පරපුරක් බිහිකිරීම සඳහා අතදීම පුවත්පත් කලාවේදියා ගේ ප්‍රධාන යුතුකම බව ආදර්ශයෙන් ම පෙන්වූවෙකි. දශක හතරකට පෙර දී ඔහු මට කියා දුන් ඒ පාඩම අද ද මම මහත් සෙනෙහසින් භක්තියෙන් සිහිපත් කරමි.

ජනතා පුවත්පතට ඔහු සංස්කරණය කළ කෙටිකතා පිටුව තුළින්, අද නම් දරන ලේඛකයින් විශාල පිරිසක් දේශයට හිමි විය. මේ සොඳුරු මිනිසා අකාලයේ මිය නොගියේ නම් ප්‍රේමයේ සැබෑ අරුත වටහාගන්නා සංවේදී මිනිසුන් තව තවත් බිහි වන්නට ඉඩ තිබූ බව නිසැක ය.

එසේ වන්නේ ඔහු ගේ ජීවිතය සහ නිර්මාණ තුළින් ය.

- සුනිල් මාධව ප්‍රේමතිලක

ISBN
9789556711561
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇස් දෙක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.