Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 3

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 3

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

මුළුමහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම විරයා වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙය ඉල්ලා සිටිද්දී, එකම මිනිසෙකු පමණක් වෙයි වූෂියැන්ගේ පසෙකින් සිටගනියි.

සිය කීර්තිනාමය, කුල ගෞරවය ආදි කිසිත් නොතකා තමා වෙනුවෙන් නැඟී සිටින ලන් වංජි දකින වෙයි වූෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතා බලන්නට වෙයි වූෂියැන් පෙලඹෙයි.

ISBN
9786246570392
පිටු ගණන (Pages)
502
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.