Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බල්සාක් කැෆේ
About this book

මංජුල වෙඩිවර්ධන පත්තරකාරයෙකි. ඒ සමගම කවියෙකි. කෙටිකතාකාරයෙකි. නවකතාකාරයෙකි. තිර රචකයෙකි.

මේ සියලු ඉසව්වල වෙඩිවර්ධන නම හා ඈඳී තිබෙන භාෂා විස්මයක් තිබේ. පත්තරයක කොලමකට ඒ භාෂා විස්මය මහත් ආභරණයකි. එහෙත්, කොලමකට එපමණක් නොසෑහෙයි.

එහි ලියැවෙන්නේ කුමක්ද?

බොහෝ කොලම්කාරයන් අසමත් වන එතැනදී මංජුල සමත් වන්නේ, කොලමකින්ද කියන්නට දෙයක් ඔහුට ඇති හෙයිනි.

ඒ, දශක ගණනාවක් තිස්සේ ඔහු පුරුදු පුහුණු කළ අත්‍යන්ත මානව ගරුත්වයයි. සැතපුම් දහස් ගණනක් එහා සිටියත්, දශක ගණනාවකින් මුහුණට මුහුණ හමු නොවුණත්, එදා මෙන්ම අදත් මංජුල - අප වැනි වූ අතළොස්සක් දෙනා බැඳී සිටින අවබෝධාත්මක හුය නම් ඒ මානව ගරුත්වයයි.

එදා මෙන්ම අදත් ලංකාව, මානව ගරුත්වය ගැන දන්නේ නැත. ඉගෙන ගත්තේද නැත.

විප්‍රවාසීව සිටින මංජුලට ''අනිද්දා‍'' වෙත කොලමක් ලියන්නැයි අප කියන්නේ ඒ නිසාය.

ඒ බල්සාක් කැෆේය.

කේ. ඩබ්ලිව්. ජනරංජන - ප්‍රධාන සංස්කාරක, අනිද්දා පුවත්පත.

ISBN
9786246625122
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බල්සාක් කැෆේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.