Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බන්ධන

බන්ධන

About this book

වැහි වලාකුළින් බර වූ කැළණි අහස මහා හඬ නගමින් ගිගුම් දෙද්දී ධාරානිපාත වර්ෂාවක පෙරනිමිති කියාපාමින් මොහොතකින් අකුණු ද ගැසුවේය. කියාගත නොහැකි පාළු මූසල හැඟීමෙන් පිරුණු සිත හේදී යනකම් වැස්සා නම් හොඳ යැයි ඔහුගේ සිත මොරගෑවේය. නමුත්, මෝසං සුළගේ දැවටී වැහි වලාකුළු ඈතට පා වෙද්දී ගලා හැලෙන සඳරැස් අතරෙන් ඈතින් ඇදී එන පාරුවක් ඔහු දුටුවේය.

"මේ රෑ කවුද කැලණි ගගේ පාරු පදින්නේ?”

ඔහු තමාගෙන්ම විමසුවේය. ටිකෙන් ටික පාරුව ළං වද්දී එහි සුදෝසුදු වතින් සැරසුණ තරුණයෙක් සහ තරුණියක් කඩුපුල් මල් දෝතින් දරාසිටිනු ඔහු දුටුවේය. කිසිවෙකු පාරුව පදින්නේ නැත. නමුත් එය ඉදිරියට ඇදෙයි. දැන් ඔවුන් සිටින්නේ පෙනෙන මානයේය. සඳරැස් වැටී හාත්පසම ඒකාලෝක වී තිබේ. විමසිල්ලෙන් ඔවුන් දෙස බැලූ විට ඔහුට ඔහුගේ දෑස් අදහාගත නොහැකි විය. හදවත මොහොතකට නැවතී මුළු ගතම හිරි වැටෙද්දී ඇසි පිය හෙළන සැණින් පාරුව අතුරුදහන් වී තිබුණි.

නමුත්, දුටුව ඒ දසුන හදවතේ ගැඹුරු පත්ලේ නිදන් වුවා සේය. පාරුව මත සිටි ඒ සොඳුරු යෞවනයා තමා නොවෙද? රැජිනියක සේ සැරසී තමා ළඟම සිටි ඒ රූමත් යෞවනිය ඈ නොවෙද?

Details
ISBN
9789557012872
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බන්ධන

Reviews are published once a member of our team has read them.