Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බටහිර පෙරමුණ නිහඬයි

බටහිර පෙරමුණ නිහඬයි

About this book

මා තරුණ ය; වයසින් වසර විස්සකි. එසේ වුව ද, හව්හරණක් නැති බව, මරණය, භීතිය හා ශෝක අගාධයක් මතින් රඳවා ඇති තකතීරු හරසුන් බවක් හැරෙන්නට, ජීවිතය ගැන අන් යමක් නොදන්නෙමි. මිනිසුන්, එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගන්නා තැනට කටයුතු කෙරෙනු ද, නිහඬව, කිසිදු දැනුවත් බවකින් තොරව, අමන ලෙසින්, යටහත් පහත් ලෙසින් හා අහිංසක ලෙසින් එකිනෙකා මරාගන්නා බව ද දකින්නෙමි. ලෝකයේ තියුණුම බුද්ධිමතුන්, යුද අවි ද, එමෙන්ම ඒවා වඩාත් සුලලිත හා විරස්ථායි කරලනු සඳහා වදන් ද නිර්මාණය කරනු මට දැකිය හැකි ය. එමෙන්ම, මෙහි අප අතර මෙන්ම, ඉන් ඔබ්බේ, ප්‍රති-පාර්ශ්වයේ ඉන්නා මගේ වයසේ සියලුම මිනිස්සු මේ දේ මෙලෙසින්ම දකිති. මගේ පරම්පරාවේ සියල්ලෝ මේ සියල්ල මා සමග අත් විඳිති. යුද්ධය රහිත කාලයක් කෙදිනක හෝ පැමිණියහොත්, ඔවුන් අපෙත් කුමක් අපේක්ෂා කරනු ඇති ද? ජීවිතය පිළිබඳ අපේ දැනුම මරණයට සිමා වී ඇත. ඉන් අනතුරුව, කුමක් වේ ද? අප, ලොවට පිරිනමනු ඇත්තේ කුමක් ද?

Details
ISBN
9786245774715
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බටහිර පෙරමුණ නිහඬයි

Reviews are published once a member of our team has read them.