Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෞද්ධ මනෝවිද්‍යාව
About this book

රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත බෞද්ධ මනෝවිද්‍යාව නමැති කෘතිය බෞද්ධ මනෝවිද්‍යාව සහ බෞද්ධ උපදේශනය යන විෂය ප්‍රවර්ධනයට මෙන්ම එම විෂයන් උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ආදි වශයෙන් අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට පාඨ ග්‍රන්ථයක් වශයෙන් අගය කළ හැකිය.

-ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඤාණරතන හිමි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.-

ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමිගේ බෞද්ධ මනෝවිද්‍යාව නම් නවතම කෘතිය මනෝවිද්‍යාව විෂය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බෞද්ධ මනෝවිද්‍යාව හදාරන්නවුන්ට ප්‍රාමාණික පාඨ ග්‍රන්ථයකි.

-සේවාර්ජිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල කොළඹ විශ්වවිද්‍යාලය.-

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බෞද්ධ මනෝවිද්‍යාව සහ බෞද්ධ උපදේශනය සම්බන්ධයෙන් උපාධි, පශ්චාත් උපාධි පර්යේෂණයන්හි නිරත වන විද්‍යාර්ථීන් සඳහා පාඨ ග්‍රන්ථයක් වශයෙන් ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත බෞද්ධ මනෝවිද්‍යාව නමැති නව කෘතිය එම විෂය සම්බන්ධයෙන් නව පර්යේෂණ සඳහා දොරටු විවර කරන්නකි.

-මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශක පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය-

බෞද්ධ මනෝවිද්‍යාව සහ බෞද්ධ උපදේශනය ජාත්‍යන්තර වශයෙන් පිළිගනිමින් තිබෙන අවස්ථාවක ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමි විසින් රචිත බෞද්ධ මනෝවිද්‍යාව කෘතිය ඒ සදහා වටිනා මාර්ගෝපදේශයකි.

-මහාචාර්ය ගොමික උඩුගමසූරිය ඇමරිකාවේ හියුස්ටන් විශ්වවිද්‍යාලය.-

ISBN
9786246446277
පිටු ගණන (Pages)
412
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෞද්ධ මනෝවිද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.