Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බෞද්ධ සංස්කෘතික කොල්ලය

බෞද්ධ සංස්කෘතික කොල්ලය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.

මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී’, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවික බව කෘතියෙන් පැහැදිලි කෙරේ. 'තාරා' (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගී පිදීම, හින්දු බමුණන් විසින් ‛පත්තිනි’ වන්දනාවට පරිවර්තනය කළ ආකාරය මෙහි පැහැදිලි කෙරේ.

අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ලකකෑ අයුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‛සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අයුරු පෙන්වා දෙයි.

යුරෝපීය ආක්‍රමණවලින් පසු, කේක්රළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රාන්තය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුවමනා වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් ඒ උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි, ආගම යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සාහයක් තිබේ. වර්තමානයේ තමිල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සාහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ 'දෙමළ’ භාෂාවේ ආධිපත්‍යය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ, 'විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදු වන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.

ISBN
9786246446116
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෞද්ධ සංස්කෘතික කොල්ලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.