Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බොදු අභියෝග

බොදු අභියෝග

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

බොදු අභියෝග ආරම්භ වන්නේ බෞද්ධ චින්තනයේ ප්‍රාදුර්භූතවීමත් සමගම බව මාගේ විශ්වාසයයි. වරෙක මහාචාර්ය සංකරාචාර්යන් බෞද්ධ චින්තනය හඳුන්වන්නේ වෛදික දර්ශනයේ ‘අසීකරු දරුවා’ ලෙසිනි. ඒ ‘අසීකරුකම’ සෙවන් පුරා බෞද්ධ භාරතයේ ගර්භිත සමාජ සංස්කෘතිය නිවැරදිව කියවා දැක්වීමටත් නව විමුක්ති ව්‍යාපාරයක් නිර්මාණය කිරීමටත් ගෞතම බුදු රජාණන් වහන්සේ එවකටවීම, අභියෝග සඳහා අත වැනීමක් විය. අද්‍යතන බෞද්ධයා මුහුණ දෙන අභියෝග ලැයිස්තුවක් සැකසීම පහසු කටයුත්තක් නොවේ. නූතන සමාජයේ නව හැඩතලයන් මත බොදු අභියෝග විවිධ ස්වරූපයන් ගෙන් පෙනී සිටියි. ආගම වාණිජකරණය හෝ දේශපාලනීකරණය වැනි සමකාලීන ගැටළුවල සිට තොරතුරු සමාජයේ ආක්‍රමණය සමග ඇදෙන අනාගමිකකරණ ප්‍රවණතාවය වඩාත් සාහසික ස්වභාවයක් ගෙන තිබේ.

ලෝකෝත්තර විමුක්ති මාර්ගයක් ලෙස බෞද්ධ දර්ශනයට හිමි අමිල අද්විතීය ස්ථානයට අමතරව ලොව පුරා බොහෝ බෞද්ධ දේශයන් සිය ජාතික විමුක්ති අරගලයන් පණ ගැන්වීම සඳහා බෞද්ධ දර්ශනයෙන් ප්‍රවේශයන් යොදා ගැනීමේ ප්‍රවණතාව නව භාවිතයක් නොවේ. බුරුමයේ පූජ්‍යපාද විරාතු හිමියන් ‘බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණතක්’ ලෙස හඳුන්වා දෙන්නට ලෝ සුපතල ‘ටයිම්’ සඟරාව උත්සුකවීම ජගත් බෞද්ධ ප්‍රජාවේ කම්පනයට හේතු වන්නේ එය බොදු අභියෝගයන් නව මානයක් දක්වා ගෙන ගිය බැවිනි. මෙසේ මොහොතින් මොහොත වඩවඩාත් සංකීර්ණවන බොදු අභියෝගයේ ස්වභාවය පළල් අර්ථ නිරූපණයකට ලක් කිරීමට ප්‍රවීන ජනමාධ්‍යවේදී චතුර පමුණුව මහතා ගෙන ඇති ප්‍රශස්ත උත්සාහය අප දකින්නේ එම අභියෝග ජය ගැනීමට අත්‍යාවශ්‍ය මුල පිරීමක් ලෙසිනි.

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි

මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බොදු අභියෝග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.