JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ප්‍රසාද් ජයසිංහ
ප්‍රසාද් ජයසිංහ බොහෝ කලක සිට පාඨකයන් හඳුනන්නේ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙසය. ක්‍රිකට් ලොව සඟරාවෙන් මාධ්‍ය ජීවිතයට පා තැබූ ප්‍රසාද් ඉන් පසුව දිනපතා හා ඉරිදා ලංකාදීප පුවත්පත් හරහා වඩාත් කතාබහට ලක් වූ ජනප්‍රිය ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බවට පත් විය. ඔහුගේ ආන්දෝලනාත්මක ක්‍රීඩා වාර්තා ලිපි ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කළේය.
ඒ නිසාම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පොතක් ලියා පළ කිරීමට අපේක්ෂා කළ ද ඉතාලියට පදිංචියට යෑම නිසා එම අදහස හිතවී ගියේය.
දැනට වසර 15කටත් වැඩි කාලයක සිට ඉතාලියේ පදිංචි සිටින ප්‍රසාද් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් මදක් ඈත්ව සිටියද විවිධ කලාවන්ට ඇති ආසාව අන්තොනැඳේය. එහෙත් පසුගිය දිනෙක ඔහු හිටි ගමන් මට කීවේ නවකතාවක් ලියා පළකිරීමට අදහස් කරන බවය. ඒ විචිත්‍ර කල්පිත නවකතාවකට තැකම් කියන නිර්මාණයක් බව කී විට මටත් තවත් පුදුම සිතිණි. ක්‍රීඩා මාධ්‍යවේදියෙකු එවන් තවමු නිර්මාණශීලී නව කතාවකින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පාතැබීම සුබ ලකුණකි. මෙවැනි නිර්මාණයකට ඔහුගේ සිත ඇඳී යන්නට ඇත්තේ බොහෝ කාලයක සිට යුරෝපයේ පදිංචිව සිටීම නිසා ලැබූ අත්දැකීම් විය යුතුය. ඔහුගේ ප්‍රථම නව කතාව වූ අපි තනි නෑ පාඨකයන් ආදරයෙන් වැළඳගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
රෝහිනි විදානපතිරණ
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න