Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අපි තනි නෑ

අපි තනි නෑ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
About this book

ප්‍රසාද ජයසිංහ බොහෝ කලක සිට පාඨකයන් හඳුනන්නේ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙසය. ක්‍රිකට් ලොව සඟරාවෙන් මාධ්‍ය ජීවිතයට පා තැබූ ප්‍රසාදි ඉන් පසුව දිනපතා හා ඉරිදා ලංකාදීප පුවත්පත් හරහා වඩාත් කතාබහට ලක් වූ ජනප්‍රිය ක්‍රීඩා මාධ්‍යවේදියෙකු බවට පත් විය. ඔහුගේ ආන්දෝලනාත්මක ක්‍රීඩා වාර්තා ලිපි ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කළේය.

ඒ නිසාම ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පොතක් ලියා පළ කිරීමට අපේක්ෂා කළ ද ඉතාලියට පදිංචියට යෑම නිසා එම ආශාව හීනවී ගියේය.

දැනට වසර 15කටත් වැඩි කාලයක සිට ඉතාලියේ පදිංචි සිටින ප්‍රසාද් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් මදක් ඈත්ව සිටියද විවිධ කලාවන්ට ඇති ආශාව අත්නොහළේය. එහෙත් පසුගිය දිනෙක ඔහු හිටි ගමන් මට කීවේ නවකතාවක් ලියා පළකිරීමට අදහස් කරන බවය. ඒ විචිත්‍ර කල්පිත නවකතාවකට නෑකම් කියන නිර්මාණයක් බව කී විට මටත් තවත් පුදුම සිතිණ. ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ජීවත් නවමු නිර්මාණශීලි නව කතාවකින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පාතැබීම සුඛ ලකුණකි. මෙවැනි නිර්මාණයකට ඔහුගේ සිත ඇදී යන්නට ඇත්තේ බොහෝ කාලයක සිට යුරෝපයේ පදිංචිව සිටීම නිසා ලැබූ අත්දැකීම් විය යුතුය. ඔහුගේ ප්‍රථම නව කතාව වූ අපි තනි නෑ පාඨකයන් ආදරයෙන් වැළඳගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

රොඩ්නි විදානපතිරණ

ISBN
9786249485808
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපි තනි නෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.