JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
තිලකසිරි ඒකනායක · රොසලි හැම්
නවසිය පනහ දසකයේ දවසක ටිලි ඩනේජ් නැමැති සුන්දර යොවුන් විය ඔස්ට්රේලියාවේ පිටිසරබද කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මොලි රැක බලා ගැනීමේ අරමුණිනි. මොලි ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලි දැන ගත්තේ ඒ ආ ගමනේදීය.
ඩනේජ්හි නගරවැසියන් වසර ගණනාවකට පෙර ටිලිව ඈත නුවරකට පිටමන් කර තිබුණි. උපන් බිමෙන් පිටව සිටි කාලයේ ඇය පැරිස් නගරයට ගොස් මැහුම් ශිල්පය උගෙන ප්රවීණ මැහුම්කාරියක් වූවාය.
පෙරළා තම ගම්බිම් කරා පැමිණි ඇය අපූරුවට ඇඳුම් නිර්මාණය කරමින් තම ජීවිකාව ආරම්භ කළාය. තමන් නගරයෙන් පිටමං කළ මිනිසුන්ගෙන් පළිගැනීමේ සියුම් චේතනාවක්ද ඈ තුළ වැඩෙමින් තිබිණ.
ඔස්ට්රේලියානු ලේඛිකා රොසලි හැම්ගේ Dressmaker නවකතාව මුද්රණයෙන් පිටවූයේ 2000 දීය. 19 වන සියවසේ බටහිර නවකතාවේ බෙහෙවින් ජනප්රියව තිබූ ආදරය, වෛරය, භීතිය වැනි හැඟීම් කලතා ගොතික් ශෛලිය අනුව ලියැවුණු මේ නවකතාව ප්රංශ, ජර්මන් ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. මෙය 2015 දී චිත්රපටයකටද නැගිණි. නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් මෙම චිත්රපටයේ ටිලිගේ චරිතය රඟපෑවේ කේට් වින්ස්ලට් විසිනි.
පරිවර්තනයතිලකසිරි ඒකනායක
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න