JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
හංසි රණසිංහ
ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහනක ගැබිනි මවක් තම දරුවා ප්රසූත කිරීමෙහි ලා මහත් පරිශ්රමයක් දරන අයුරු නිමාංශාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දැසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත් විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනුලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය.
විචාරයක් ලිවීමට පිවිසෙන්න