සර්වත්ර මායිනි
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
මාර්තු 06 වන දින නිකුත් වේ. පොත නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහනක ගැබිනි මවක් තම දරුවා ප්රසූත කිරීමෙහි ලා මහත් පරිශ්රමයක් දරන අයුරු නිමාංශාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දාසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත් විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනුලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය. එම කුටියෙහි වූ සියල්ලෝම ඇයට වශී වූවන් මෙන් ඇය පවසනා සියල්ලම පාහේ ඉටු කිරීමට සමත් විය. නිමාංශා සිදු වන කිසිවක තේරුමක් සිතා ගත නොහැකි තැන අසල තිබූ ජනේලයෙන් අහස දෙස බලන්නට විය. ඒ වන විටත් පූර්ණ චන්ද්රයා මෝදු වෙමින් තිබිණි. එම චන්ද්රාලෝකය ගැබිනි මවගේ ගර්භයට වැටෙන ආකාරයට නිමවා තිබුණේය. අනවසරයෙන් කුටියට කඩා වැදුණු පුංචි පිරිමි ළමයාගේ හිස මත වූ පලඳනාවෙන් ඔහු රාජ කුමාරයකු බව හඳුනාගත් නිමාංශා විමසිලිමත්ව බලා සිටියාය. “ඕ… මගෙ පුංචි ආතර් කුමරුනි, තාම ඔබේ නැඟණිය මෙලොවට පැමිණියෙ නෑනෙ.. අර ලස්සන හඳ නිල් පාටට හැරිල ඊට පස්සෙ රක්ත වර්ණයෙන් දිදුලද්දි ඔබයි ඔබේ නැඟණියයි අපි ඊයෙ සන්ධ්යා කාලයේ හිටවපු ලස්සන ඕක් ගස යට සෙල්ලම් කර කර ඉඳීවි..” “ඒත් ගලාස්යා, එක දවසින් ඕක් ඇට ලොකු වෙලා රූස්ස ගහක් වෙන්නෑනෙ.. මර්ලින් කිව්වා එයාටත් බෑ කියල මැජික්වලින් ඒ ඕක් ගහ ලොකු කරල දෙන්න” “මගේ පුංචි කුමරුවනි, අර මහ පණ්ඩිත මර්ලින්ට බැරි දේවලුත් මට කරන්න පුළුවන්.. තව ස්වල්ප වේලාවයි. ඔබේ රුධිරයයි ඔබේ නූපන් නැඟණියගේ ආත්මයයි මාව මර්ලින්ටත් වඩා බලවතෙක් කරාවි.” මැහැල්ල පුංචි කුමරුගේ නළලට අත තබා යමක් මතුරන්නට වූයෙන් ඔහු සිහිසුන්ව ඇගේ සුරත මතට ඇද වැටුණේය. ඇය ඔහුව ඔසවාගෙන ගොස් ඔහුගේ මවගේ සයනයෙහි මව අසලින් සැතපවීය. නිමාංශාට සියල්ලම පැහැදිලිය. ඇය සිටින්නේ කැම්ලොට් රාජධානියේය.

Details
ISBN
9786245663026
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ excellentfilm akak baluwa wagai,
lassana මායාකාරී kathawak niyamai.
Write a review
Write a review