Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දේව මනුස්සානං

දේව මනුස්සානං

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
21වන ශතවර්ෂයේදී දශක දෙකක් ගෙවා තිබුණද ලොව සිදුවන සියලු සිදුවීම් අර්ථ දැක්වීමට තවමත් මනුෂ්‍යයාට හැකියාව ලැබී ඇත්ද? කෙසේ සිදුවීදැයි අදහාගත නොහැකිමුත් ඇතැම් සිදුවීම් වලට හේතු සෙවීමද ඵල රහිතය. “හෙලෝ…” “හෙලෝ තමයි බං.. මං කවදවත් හිතුවෙ නෑ උඹ මේ වගේ කැත වැඩක් කරාවි කියලා.” “මොනවද වෙලා තියෙන්නේ සාගර… මොකද්ද මං උඹට කරපු කැත වැඩේ.?” “කැත වැඩේ?.. මතක් වෙද්දිත් මගේ ඇඟේ මාළු නටනවා..” “මං උඹෙන් උදව්වක් ඉල්ලුවා. උඹ ඒක කරලා දෙන්න පුළුවන් කිව්ව නිසානෙ බං මං ඒක එව්වේ. දැන් මොකක්ද මේ කියන්නේ?..” “උඹට කරන්න බැරි උදව් මගේ ළඟ නෑ විදුර.. ඒත් මට තරහ මං මෙච්චර වැඩ ගොඩක හිරවෙලා ඉන්න වෙලාවක උඹ මේ වගේ දෙකයි පණහෙ විහිළුවක් වත් කරන්න මාව තෝරගත්ත එකට..” “කියන දෙයක් තේරෙන්න කියපං සාගර. මං උඹට බ්ල්ඩ් සාම්පල් එකක් ටෙස් කරලා දෙන්න කිව්වා මිසක උඹ ඔය කියනව වගේ කැත විහිළුවක් කළේ නෑ..” “ඒ එවපු සාම්පල් එක තමයි ප්‍රශ්නෙ. උඹ මොන ජරාවක්ද බං ලේ පැල්ලමක් කියලා ඒ ශර්ට් එකේ ගාලා එව්වේ?..” “සීබට් මාමේ.. මොකද මේ බයවෙලා වගේ..” “දෙයියනේ! ඒක දේවතා එළියක් සර්.. හැබෑටම ඒක දේවතා එළියක්ස තමයි..” මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්‍ය බව කියන්නට දැරූ උත්සාහයකි.
ISBN
9786245663071
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දේව මනුස්සානං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.