Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සිංහල ජන වහර 5 කිව්වම මොකද

ජේ. බී. දිසානායක

තවම විචාර නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 2
  1. ★★★★★ Sinhala
    මෙය සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    එකට මොනවද? දෙකට මොනවද?

    එකෝමත් එක රටක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලටයි ගම මහගේටයි උන්නලු ලස්සන දුවෙක්. එක් තරුණයෙක් ඇගේ අත ගන්න හිතාගෙන නිතර දෙවේලෙ ගම ගෙදර පැත්තේ ගැවසුනා. ඒ වුනත් මේ තරුණයට තම දුව දෙන්න ගමරාලගෙ කැමැත්තක් තිබුණේ නෑ. ඒ හින්දා තරුණයා හම්බ වෙන දවසක ගමරාල මෙහෙම කිව්වලු.

    එකට මොනවද ?
    දෙකට මොනවද ?

    තරුණයා හතර අතේ කල්පනා කරනවලු මොකක්ද මේ කියන්නෙ කියලා. මෙතන "එක" "දෙක" මොකක්ද කියලා ඔහු කල්පනා කරන්න ගත්තා.
    ගමමගගේටත් මේ අපබ්‍රංස කතාව තේරුම් ගන්න බැරි වුනාලු. ඒ ගමන රාල කියනවලු ඕකෙ මහ දෙයක් නෑ ඕං , "එකට මොනවද? "කියන්නෙ "මොකට එනවද?" කියන එකයි.

    එ-කට මො-නවද ?
    මොකට එනවද?

    මෙයින් ගමරාල අදහස් කරන්නේ එසේ ඒමෙන් ඵලක් නැති බවයි.

    දෙ-කට මො-නවද ?
    මොකට දෙනවද ?

    මින් අදහස් වන්නේ එසේ දීමෙන් ඵලක් නැති වගයි.

    පසුව මෙය තේරුම් ගත් තරුණයා ගමරාලගේ දුව පිළිබඳ අදහස අත් හැර ගත් බව කියැවේ.

    මෙම අපූරු කතාව මා උපුටා ගන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ "කිව්වම මොකද" කෘතියෙනි.

    කිව්වම මොකද වනාහි සිංහල ජන වහර පිළිබඳව රචනා කර ඇති පොත් පෙළක 05 වන පියවර වේ. මෙම කෘතියේ බලාපොරොත්තුව වන්නේ ජන වහර භාවිතා වන ආකාරය පැහැදිලි කිරීමයි.
    Ranga Yudara ·
  2. Udappu
    මෙය සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Udappu
    Udappu ·

මෙම කෘතිය ගැන ලියන්න