සිංහල ජන වහර 5 - කිව්වම මොකද?
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
Details
ISBN
9789556962109
පිටු ගණන (Pages)
353
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
★★★★★ Sinhalaඑකට මොනවද? දෙකට මොනවද?
එකෝමත් එක රටක ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාලටයි ගම මහගේටයි උන්නලු ලස්සන දුවෙක්. එක් තරුණයෙක් ඇගේ අත ගන්න හිතාගෙන නිතර දෙවේලෙ ගම ගෙදර පැත්තේ ගැවසුනා. ඒ වුනත් මේ තරුණයට තම දුව දෙන්න ගමරාලගෙ කැමැත්තක් තිබුණේ නෑ. ඒ හින්දා තරුණයා හම්බ වෙන දවසක ගමරාල මෙහෙම කිව්වලු.
එකට මොනවද ?
දෙකට මොනවද ?
තරුණයා හතර අතේ කල්පනා කරනවලු මොකක්ද මේ කියන්නෙ කියලා. මෙතන "එක" "දෙක" මොකක්ද කියලා ඔහු කල්පනා කරන්න ගත්තා.
ගමමගගේටත් මේ අපබ්රංස කතාව තේරුම් ගන්න බැරි වුනාලු. ඒ ගමන රාල කියනවලු ඕකෙ මහ දෙයක් නෑ ඕං , "එකට මොනවද? "කියන්නෙ "මොකට එනවද?" කියන එකයි.
එ-කට මො-නවද ?
මොකට එනවද?
මෙයින් ගමරාල අදහස් කරන්නේ එසේ ඒමෙන් ඵලක් නැති බවයි.
දෙ-කට මො-නවද ?
මොකට දෙනවද ?
මින් අදහස් වන්නේ එසේ දීමෙන් ඵලක් නැති වගයි.
පසුව මෙය තේරුම් ගත් තරුණයා ගමරාලගේ දුව පිළිබඳ අදහස අත් හැර ගත් බව කියැවේ.
මෙම අපූරු කතාව මා උපුටා ගන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ "කිව්වම මොකද" කෘතියෙනි.
කිව්වම මොකද වනාහි සිංහල ජන වහර පිළිබඳව රචනා කර ඇති පොත් පෙළක 05 වන පියවර වේ. මෙම කෘතියේ බලාපොරොත්තුව වන්නේ ජන වහර භාවිතා වන ආකාරය පැහැදිලි කිරීමයි. -
UdappuUdappu
Write a review
Write a review