Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

තරු මිං සලකුණු

Tharu Min Salakunu

මනූජා විතානගම

තවම විචාර නැත
📅 2026 🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

තාත්තා කුමක් කියන්න යන්නේදයි සිතා ගත නොහැකිව ඇය බියෙන් මෙන් මව දෙස බැලීය.ඇය කිසිදු ප්‍රතචාරයක් නොදන්නවා යුවිශ්නාට වාඩි වෙන ලෙස අතින් සඥා කලාය.

“මම මුල ඉඳන්ම හිතුවා මොකක් හරි වංචාවක් ඇති කියලා … කියන දෙයක් කනට ගත්තෙ නැ”ඔහු ගිගිරුම් දෙයි

“ මොනවා ගැනද කියන්නෙ තාත්තා …අනේ අම්මා මට තේරෙන්න කියන්න කියන්න කෝ”

“අරුන්දතියි එයාගෙ මහත්තයයි පුතයි තුන් දෙනාම ඇක්සිඩන්ට් එකෙන් මැරිලා ..කවුරු හරි හොරෙක් මෙයාව රවට්ටගෙන “

“නෑ තාත්තා නෑ…… කේතුර් එහෙම් නෑ “ ඇය දෑතින්ම ඔලුව බදාගත්තාය.

“මැරුන එකෙක් කොහොමද එන්නෙ ආයෙ ඉපදිලාද ..නැත්තම් අවතාරෙද මේ බලනව මේ වා “ ඔහු දුරකතනය යුවිශ්නා වෙත පෑවේය.

“මේ මොනවද තාත්තා” ඇය දුරකතනය දෙසත් තාත්තා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පැවසීය.

“ඔය New York Times එකේ ඇක්සිඩන්ට් එක ගැන ගිය ආර්ටිකල් එක, හොඳට කියවල බලනවා ඕකෙ මොනවද තියෙන්නෙ කියල ඒ අනතුරෙන් වාහනේ ගිය තුන්දෙනාම මැරිලා බොඩීස් වත් හොයාගන්න බැරි වෙලා එච්චර ලොකු ප්‍රපාතයකට පෙරලිලා කාරෙක ගිනි අරන් තියෙන්නෙ. ඕකෙ තියෙන හැටියට එකෙ ගිය මනුස්සයෙක් පන පිටින් බේරෙන්න බෑ.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න