JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ඩබ්ල්යූ ඒ. සිල්වා
සියුම් කලා කාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකථාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උපන්නේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින්ම නිර්මිත නිරාකුල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහිදී වෙළෙඳ ලිපිකරුවකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, "ලංකා සමය" වැනි පුවත්පතින් මෙන්ම, "සිරිසර", "නුවණ", "තිලක" වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත් කලාව වෙනුවෙන් කැරුණු සේවය ද හැරුණු විට, නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.
ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සදහටම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳිනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේය; එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නොනැසී පවතින්නේ ය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න