Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / විජයබා කොල්ලය - ගොඩගේ ප්‍රකාශන

විජයබා කොල්ලය - ගොඩගේ ප්‍රකාශන

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකථාව - සිරියලතා - උත්පාද කිරීමෙන් සතළොස් වියේදීම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උප්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත්‍රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය - ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය - අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය. තුරුණු වියෙහිදී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද; “ලංකා සමය" වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර,” නුවණ,” “තිලක" වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත් කලාව වෙනුවෙන් කැරුණු සේවය ද, හැරුණු විට නවකථා කරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේය.- ශ්‍රම ශක්තිය ගෙවුණේය.

ඩබ්ල්යු. ඒ සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සදහටම ක්‍රියා විරහිත වී ඇත්තේය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නොනැසී පවතින්නේය.

ISBN
9789552023439
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විජයබා කොල්ලය - ගොඩගේ ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.