චයිනමන්
"මහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාව" රූපවාහිනියට රචනා කිරීම ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී ඩබ්ලිව්. ජී. කරුණාසේනගේ අන්තිම කැමැත්තයි. එහිදී ඔහුට ප්‍රදීප් මැතිව් ගැන හෙළිදරව් වේ.
සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක වන්නේ මේ ශ්‍රී ලාංකිකයාය.
ආ ගිය අතක් නැති මැතිව් සොයා යද්දී ඔහුට පා'ඟිලි පුහුණුකරුවකු, ත්‍රස්තවාදී මහමොළකරුවකු, ක්‍රිකට් ඔට්ටු අල්ලන කැසිනෝ සහ සුප්‍රකට ක්‍රීඩාංගනයක් යට අඟුටුමිට්ටකු විසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි කාලේ බංකරයක්ද හමු වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවා විදේශීය කුමන්ත්‍රණයක කොටසක්ද? මේ සියල්ලට මුල් වන දෙමළ ජාතික චයිනමන් පන්දුයවන්නා ගැන තොරතුරු යටගසන්නේ ඇයි?
"උමතු, මංමුලා කරවනසුලු රසයක්"
මයිකල් ඔන්ඩච්චි (ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික නවකතාකරු)
"චයිනමන්ට මම ඇලුම් කළෙමි"
සල්මන් රුෂ්ඩි (සම්මානනීය බ්‍රිතාන්‍ය-ඉන්දීය නවකතාකරු)
"ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හරය, ලස්සන හා අවලස්සන සිත් අලවන, සමහරවිට ඇස් අරවන ආකාරයෙන් ශෙහාන් කැටිකර පෙන්වයි. මා ඉතා ආශාවෙන් කියවූ පොතකි."
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක)
"මේ පොත කියවන්න එපා"
ජයන්ත පුංචිහේවා (ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක සභාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක)
"ප්‍රදීප් මැතිව් ගැන පොතක් ලියන්න පිස්සුද?"
පාලිත ඇපාසෙකර (ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.