Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අපිරිසිදු සුරඟන
About this book

වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්වීඩනයේ නෝර්ලන්ඩ් ප්‍රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධික සීතල, කුසගින්න, දරිද්‍රතාවය සහ උපන් ගමය. දහ අට වසර පිරුණු සැණින් හන්නා ඇගේ මව විසින් නිවසින් පිට කර යවනු ලබන්නේ ඇයට යහපතක් ප්‍රාර්ථනා කරමිනි.

දෛවයේ අදහාගත නොහැකි මාවත්වලින් ඇය උණුසුම් අප්‍රිකාවට තල්ලු කරනු ලබයි. එහිදී ඇය සාර්ථක ගණිකා මඩමක හිමිකාරිය බවට පත් වේ. කළු කාන්තාවන් තමාට සමීප වීමට දරන උත්සාහයට එරෙහිව මුලදී ඇය කටයුතු කළත්, පසුව ගණිකාවන් සහ ඔවුන්ගේ කටුක ජීවිත ගැන පමණක් නොව කළු ජාතිකයන්ට සුදු හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන් ගැනද අනුකම්පාවෙන් කටයුතු කරයි.

පිටපත් මිලියන 40කට වඩා අලෙවි වී ඇති, භාෂා 40කට වඩා පරිවර්තනය කර ඇති හෙනින්ග් මන්කෙල්ගේ කෘතීන්හි පාරිසරික විස්තර සිත් ඇදගන්නාසුලු වන අතර චරිත පාඨකයා දිරි ගන්වන සුලුය.

ISBN
9786245572274
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපිරිසිදු සුරඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.