මා නිදන්නට පෙර
මේ ලියන්නේ මා හැමදාමත් උදේට අවදි වූවා යැයි සිතිය හැකි නිවසේ, නාන කාමරයේ බිම හිඳගෙනය. මේ දිනපොත මා ඉදිරිපිටත්, මේ පෑන මගේ අතේත් ඇත. ඉතින් මම ලියමි. මට සිතාගන්නට හැක්කේ ලිවීම ගැන පමණක් වන බැවින් මම මෙය ලියමි.
මා වටේටම ඇත්තේ ගුලි කර විසි කළ ටිෂූ ලේන්සුය. ඒ සියල්ල කඳුළුවලින් පෙගී ඇත. කඳුළුවලින් මෙන්ම ලේවලින්ද තෙත් වී ඇත. මා ඇසිපිය ගසන විට, මට පෙනෙන දර්ශනය රත් පැහැයට හැරෙයි. කොතරම් පිසදා දැමුවත්, තව තවත් ලේ බින්දු මගේ ඇසට කාන්දු වෙයි. කැඩපතින් බලද්දී, මගේ ඇසට ඉහළින් ඇති සම කැපී තිබෙන බව ම දුටුවෙමි. මගේ තොලත් පැළී ඇත. කෙළ ගිලින විට මගේ දිවට ලේ රස දැනෙයි.
මට නිදාගන්නට උවමනාය. සතෙකු මෙන්, කොහේ හෝ ආරක්ෂාවක් ඇති තැනක් සොයාගෙන ඇස් පියාගන්නට උවමනාය. මා එබඳු දෙයක් පමණකි. ඔව්... මා සතෙකු පමණි. මා සිටින්නේ කොතැනදැයි වටහා ගන්නට තැත් කරමින් එක මොහොතින් මොහොතකට, දවසින් දවසට ජීවත් වෙන සතෙකු පමණකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.