"ඇයි අත්තම්මෙ අපේ සීයව සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?"
"මගේ මෙ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්. මගේ කිසිම වැරැද්දක් නැතුව මගේ දරුවෙක් අප්පච්චි කළද සුදුද කියලා දැක්කේ නැහැ. ඒ දරුවට ලොකු අසාධාරණයක් වුණේ. මම පෘථග්ජන කෙනෙක්. එයා කරපු දේ අමතක කරලා සමාව දෙන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ මට."
කතාව කියනතුරු කඳුලක් නොසැලූ සුභද්‍රාවෝ හඬා වැටෙන්නට වූහ. දිල්ශාන් සහ සයුරිගේද දෑස් තෙමී ගියේය.
ගැහැණිය හඬා වැටෙන්නේ හඬා වැටෙන්නට අත්‍යාවශ්‍ය තැන්වලදී යැයි දිල්ශාන් සිතුවේය.
"මෙච්චර වෙලා ක්වීන් එලිසබෙත් වගේ නිර්භීතව ඉඳලා ඇයි මේ අඬන්නේ? අපටත් ශක්තියක් වුණේ ඔයානෙ අත්තම්මෙ."
දිල්ශාන් එවර ඇයව තමාගේ ශරීරයට වත්තම් කරගන්නා ගමන් කීවේය.
"ඉතින් අත්තම්මෙ සීයා කවදහරි ඇත්ත දැනගන්න ඇති නේද?"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.