හද වෙණ සත්සර
About this book
අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය.
"ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ......."
දෙවියනේ .....!
"අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි...."
ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය.
ඔහු ඔහුගේ කොන්දේසිය අමතක කර දමන්නට තීරණය කර ඇතුවා වන්නට ඇත. මෙවන් දෑ පවසන්නේ එනිසා විය යුතුය. තම හදවත එවන් රිද්මයකින් ස්පන්දනය වනු ඇයට ඉන් පෙර කිසිදා දැනී තිබුණෙ නැත.
එක්වරම ඔවුන් දෙදෙනා මධ්‍යයට මහා අකුණක් පතිත විය !
Details
ISBN
978-624-5572-298
පිටු ගණන (Pages)
450
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
A Review by a Readerතම සිත් ගත් පළමු පෙම්වතියට දුන් පාෙරොන්දුව රැකීමෙහිලා ඇය නැවත හමු වන තුරු , තම හිත අන්ධකාර ගුප්ත ලොවක් තුළ හිර කරගත් වෙස් නර්තන ශිල්පී ,මෘදුකාංග ඉංජිෙන්රු තරුණයෙක්.....
ඒ අන්ධකාර ලෝකය වර්ණවත් කරමින් මින්දද හී සැර වලට ලක් කරමින්, ඔහුගේ ලෝකයම හිනැස්සු වැඩියන්ම කෝප ගැන්වූ , ඔහුව පිස්සු වට්ටපු දඟකාර එක හිතින්ම ඒ අරුමැති තරුණයාට පෙම් කරන්නට වූ ශක්තිමත් නිර්භීත තරුණියක්.....
මේ දෙදෙනාගේ පුදුමාකාර සම්බන්ධය විටෙක දුක් සහිතවත් ,විටෙක හාස්‍යයෙයන් යුතුවත් විටෙක ආදරයෙන් පුරවමින් එමෙන්ම ඊට හාත්පසින්ම විරුද්ධ ලෙස දෙෙවයේ සරදමකට ලක්වෙමින් වෙන් වෙමින්, අවසනයේ සියල්ල යහපත් ලෙස හදවතට සැනසුමක් ලබා දෙමින් ගලා යන කතාන්දරය, හද වෙණ සත්සර වේ.
රචිකාවියගේ දෙවැනි ස්වතන්ත්‍ර පොත ලෙසින්, කියවන්නා මනාව ඇද බැඳ තබා ගනිම්න් , සෑම වචනයක් පාසාම හාස්‍යය මතු කරමින් ඉතා සංයමයකින් මෘදු භාෂිතයෙන් යුතුව පොත රචනා කර ඇත. විටෙක විශ්මයෙන් ,විරහවෙන් ,ප්‍ර්මෙයෙන් ඉරිසියාෙවන් ,පසුතැවීමෙන් යන සියළු මානසික චෛතිසිකයින් ග්‍රහණයට හසු කරමින් කතුවරිය තම නිර්මාණය ඉදිරිපත් කර ඇත.
මේ පොත කියවීමෙන් ඇයගේ අපූරු සිතුවිලි වල කිමිදී රසයෙන් අනූන වූ අපූරු ලොවක නතර වීමේ හැකියාවක් ලැබේ. එතරම් ඇයගේ අදහස් නැවුම්ය.නිර්මාණශීලීය.
ඕනෑම කතාවක් සාර්ථක වීමට නම්,
1. එහි කතා තේමාව.
2. සන්දර්භය නාෙහොත් කතා වස්තුව.
3. ඉදිරිපත් කිරීමේ විලාශය.
4. භාෂාවේ හැසිරවීම.
5. පාඨකයා ආකර්ශණය කරගැනීමේ හැකියාව
ආදී නාෙයෙකුත් කරුණු හේතු විය හැක. මෙය සරල කතා තේමාවක් වුවත් ඉහත කරුණු සියල්ලම සපුරන බැවින්, හද වෙණ සත්සර , සාර්ථක නවකතාවක් ලෙස දැක්විය හැක.
මා වැඩියෙන්ම කතාවට ආශක්ත වූයේ, භාෂාව භාවිතයේ ඇති අපූර්වත්වය නිසාමයි.
“එතරම් ආඩම්බරයක්! ඔහු ඒ මාෙහාෙතේදීම අමන්දිගේ හැඩකාරයින්ගේ ලැයිස්තුවෙන් කැපී ගොස් මෝඩයින්ගේ ලැයිස්තුවේ ඉහළටම ඇතුළු විය.” (පිටුව 16)
“බිඳි ගිය වීදුරුවේ විසිරුණු කැබලි යළි එක් කර පුරුද්දාගන්නට සම්පත්ට කිසිදු වුවමනාවක් තිබුණේ නැත. එබැවින් අමන්දිද අත කපාගෙන , වීදුරු කටු ඇණගෙන එය පිළිසකර කරන්නට වෙහෙසුණේ නැත. විසිරුණු පරිදිම විහිදී තිබෙන්නට ඉඩ හැරී වීදුරු කැබලි දිනෙන් දින ගත වෙද්දී සුළඟට හසුවී , අන් අය රැගෙන ආ කොසු වලට හසුවී තවත් ඈතට විසිරි ගියේය.” (පිටුව 139)
“ ඔය රණ්ඩුව නවත්තලා මේක හදන්න! ” ප්‍රධාන ඉංජිනේරුවාගේ අණදීමෙන් නැවතත් පාලමේ වැඩ කටයුතු සඳහා යොමු වන්නට කම්කරුවන් දෙදෙනාටම සිදුවිය. මද වේලාවකින් ප්‍රහේලිකා විසඳීම එපා වූ ප්‍රධාන ඉංජිනේරුවා සෝපාවට ගොඩවී රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක කර ගත්තේය.” (පිටුව 284)
මෙවැනි අපූරු යෙදුම් ගණනාවක් , ඇයගේ පොත තුළ ඇතුළත් කරමින්, මුල , මැද අග අපූරු ලෙස ගලපා රචනා කරමින් පාඨකයා විස්මිත ගමනක් රැගෙන ගොස් ඇත.
- Pushpika Rodrigo
Write a review
Write a review