Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වසන්තය නුඹම විය

වසන්තය නුඹම විය

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Christmas bonanza
About this book

බෙහෙත් දාගෙන ඇවිත් යෂ් ආයෙම කමිසෙ මගේ අතින් අරගෙන ඇඳගත්තේ මගේ දිහා අර අමුතු බැල්මෙන් බලාගෙනමයි. ඒ මොන දේ දරාගෙන හිටියත් මට දරාගෙන ඉත්තම බැරි වුණේ ඩොක්ටර් අතට සිරිංජර් එක ගන්නකොටයි. "සර්, මම එළියට යන්නද?" පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයසට ළං වෙලා හිටියත් එන්නත් වලට තියෙන බය නැති කරගන්න අදටත් මට බෑ. පොඩ්ඩක් එක තැනක ඉන්න බැරිද, ආ...? ඩොක්ටර් ඉන්නවා කියලා බලන්නෙත් නැතුව යෂ් ඒ පාර බණිනවා. "එහෙනම් සර් මම සර්ගේ අතින් අල්ලගන්නද?" මම ඇහුවෙ හිමින්, එන්නත් කටුව දකිද්දි මම මොන සෙල්ලමක් නටයිද කියලා මමම දන්නෙ නෑ. මිස්, බය වෙන්න එපා. මම එයාට රිදෙන්න විදින්නෙ නෑ". ඒ පාර ඩොක්ටර් සමයං කියවනවා. ඒත් ඉතින් කටක් ඇරලා කියන්නෙ කොහොමද මගේ ඇත්ත තත්වේ.. ඒ වුණාට මට ඩොක්ටර්ව ෂුවර් නෑ මම සර්ව අල්ල ගන්නම්. තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරේ ලැබෙන්නත් කලින්ම මම යෂ්ගෙ අතක එල්ලුණා. ඩොක්ටර් හිනාවෙලා එන්නත අතට ගත්තා නොබලනවාම කියලා හිතාගෙන හිටියත් මගේ ඇස් කෙළින්ම එල්ල වෙලා තිබ්බේ එන්නත දිහාවට බයටද මන්දා මාව ගැහෙනවත් එක්ක. ඒ කටුව ටිකින් ටික යෂ්ගෙ අත සිදුරු කරගෙන ඇතුළට යද්දි මගේ ඇඟම හිරිවැටෙන්න ගන්නා ඊටත් ටික වෙලාවකට පස්සෙ මුළු ලෝකම අඳුරු වෙලා පේන්නෙ නැතුවම ගියා.

ISBN
9786245572441
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසන්තය නුඹම විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.