Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / න ගච්ඡති - විදර්ශන ප්‍රකාශන

න ගච්ඡති - විදර්ශන ප්‍රකාශන ස්වර්ණ පුස්තක සම්මාන 2017

About this book

1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප්‍රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද්‍ර වී තිබේ. මෙරට කෲරතම රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැගෙන්නේ ඔහුගේ ප්‍රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උඩරට ප්‍රභූන්ගේ මෙන්ම ඉංග්‍රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබද කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප්‍රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබද කතාවයි. රොබට් බ්‍රවුන්රිග්ගේ දේශපාලන ප්‍රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප්‍රබන්ධයක් බවට පෙරළන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින් බැලීමට මෙම නවකතාව ඔබව පොලඹවනු ඇත.

ISBN
9786245546688
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ විශිෂ්ඨයි...
    හරිම ලස්සන කතාවක් ... නාට්‍යයක් බලනවා වාගේ රූප රාමු හිතේ මවන්න තරම් කතෘවරිය ලස්සනට ඒක ලියා පෙල ගස්වා තියෙනවා... විශිෂ්ඨයි...
    Vindy ·
Write a review

You're reviewing: න ගච්ඡති - විදර්ශන ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.